ලෝක දියවැඩියා දිනය


දියවැඩියාව යන වචනය අපි ගොඩක් දෙනෙක්ට දැන් ඉතාමත්ම හුරුපුරුදු වචනයක්. අපි පුංචි කාලේ මේ වචනය වුනත් වැඩිය අහලා තිබ්බේ නෑ. මේ ගැන එතරම් දැනුවත් බවක් තිබුනෙත් නැති තරම්. මේ වචනය අහන ඕනෑම අයෙකුගේ හිතට මුලින්ම එන අදහස තමයි රුධිරයේ සිනි මට්ටම නියමිත ප්‍රමාණය ඉක්මවා ගිහින් කියන එක. කොහොම හරි පසුගිය වසර 10ක 15ක කාලය තුල මේ දියවැඩියාව කියන තත්ත්වය වසංගතයක් වගේ පැතිරිලා ගිහින්. දැන් දැන් වාර්තා වන සිදුවීම් දිහා බලද්දී සමහර පාසල් වයසේ සිටින දරුවන් අතරෙත් මේ රෝග තත්ත්වය දැකගන්න ලැබෙනවා කියන එක අහද්දිත් හිතට නැගෙන්නේ කනගාටුවක්. අපේ ආච්චිලා සීයලා අදටත් හොඳට පැණිරස කාලා බිලා සතුටින් ඉන්න විදිය දැක්කම වෙලාවකට පුදුමත් හිතෙනවා නේ ද ?

කොහොම හරි මේ දිනය 2014 ඉඳලා සෑම නොවැම්බර් 14 වන දිනකම සැමරෙනවා. මේ වසරේ ලෝක දියවැඩියා දිනයේ තේමාව වන්නේ “දියවැඩියාව සහ නිරෝගී දිවි පෙවතක්” (Health Living and Diabetes) කියන තේමාවයි. ඉතින් මේ තත්ත්වය පාලනය කරගන්න නම් මේ ගැන දැනුවත් වෙන එක වගේම රෝගී තත්ත්වයට පත්වෙලා ඉන්න අය මෙය නිසිලෙස පාලනය කරගන්නේ කොහොමද කියලා දැනුවත් වීමත් වැදගත්.

මේ දියවැඩියාව කියන රෝග තත්ත්වයේ අවස්ථා කිහිපයක් තිබෙනවා. පළමු අදියර , දෙවන අදියර සහ gestational diabetes mellitus යනු එම අවස්ථා කිහිපයයි. පළමු අදියරේ දියවැඩියා රෝගීන්ට ඉන්සියුලින් හෝර්මෝනය එන්නතක් මගින් ලබාදීම අවශ්‍ය වනවා. ඔබ මෙවැනි පුද්ගලයන් දැක ඇති. ඔවුන්ගේ ශරීර තුල ඉන්සියුලින් නිෂ්පාදනය අඩාල වීම මෙයට හේතුවයි. දෙවන අදියරේ දියවදියා රෝගීන්ට ඉන්සියුලින් ලබාදීම අවශ්‍ය නොවුනත් ඔවුන්ගේ රෝග තත්ත්ව පාලනය වැදගත්. අධිරුධිර පීඩනය නිසා ඔවුන්ගේ ඉන්සියුලින් නිෂ්පාදනය මන්දගාමී වෙන්න පුළුවන්. ඒ වගේම ඇතැම් අවස්ථාව වල ගර්භනී සමයේ දී මවට දියවැඩියාව වැනි තත්වයක් ඇති වෙන්න පුළුවන්.

දියවැඩියාව වැනි රෝග තත්ත්ව මගහරවා ගැනීමට නම් ඒ ගැන දැනුවත් වීම අත්‍යාවශ්‍ය කරුණක්. ඒවගේම අපේ ජිවිතයේ ආහාර පුරුදු මේ සඳහා විශාල ලෙස බලපාන බව නොරහසක්. මෙවැනි රෝග තත්වයක් වැළඳුනු පසු එය කාලයක් පුරාවට බොහෝ විට ජිවිත කාලය පුරාවටම පවතින නිසා අපේ ආහාර පුරුදු වෙනස් කරගැනීම ව්‍යායාම් වල යෙදීම වගේම භාවනා කිරීමේ යෙදීමත් වැදගත්.

ශරීරයේ නියමිත බර පවත්වාගෙන යාම, පැණිරස ආහාර වලට ගිජු නොවීම, පෝෂ්‍යදායි ආහාර පාන වලට හුරුවීම, කෘතීම ලෙස සැකසු මේදය අධික ආහාර පාන වලින් හැකිතාක් ඈත්වීම , ව්‍යායාම් වල යෙදීම වගේ දේවල් මෙවැනි රෝගවලින් ආරක්ෂා වීමට ඉතා වැදගත්. ඒ වගේම ශරීරයේ බර අඩු වීම, අධික පිපාසය, පෙනීම දුර්වල වීම, අවදානය යොමුකිරීමට අපහසු ගතිය ආදී ලක්ෂණ ඔබටත් තිබේනම් වෛද්‍යවරයකු හමුවී මේ තත්වය පරික්ෂා කර බැලීමටත් අමතක කරන්න එපා.

ඔබේ දිවිය නිරෝගිව පවත්වාගෙන යාමේ වගකීම ඇත්තේ ඔබේ අතේ ම බව කිසිවිට අමතක නොකරන්න.

උපුටාගැනීම

log in

reset password

Back to
log in