2016 වසරේ සෑම දිනකම චන්ද්‍රයා දිස්වන ආකාරය බලමු ද ?


චන්ද්‍රයා පෘථිවියට අයත් ස්වාභාවික චන්ද්‍රිකාවක් කිව්වොත් නිවැරදියි. පුංචි කාලේ ඉඳලම හඳ දිහා බලන් ඉන්න ලොකු පුංචි ගොඩක් දෙනෙක් ආස කරනවා. ඒ වගේම හඳ එක්ක ගෙතිලා තියන නොයෙක් ජනකතා වගේ දේවලුත් පවතිනවා. විවිධ ආගමික සම්ප්‍රදායනුත් ඒ සමඟ බැඳී තිබෙනවා.

කොහොම හරි NASA ආයතනය සඳ ගැන අලුත් වීඩියෝවක් නිර්මාණය කළා. මේ වීඩියෝවේ අන්තර්ගත වන්නේ 2016 වසරේ සෑම දිනකම චන්ද්‍රයා දිස් වන ආකාරයයි. විශේෂයෙන්ම උතුරු අර්ධ ගෝලයේ ඉන්න පිරිසට දිස් වන ආකාරයයි. උතුරු අර්ධගෝලයට සහ දකුණු අර්ධගෝලයට සඳ දිස්වන ආකාරය සහ සඳ පායන ආකාරය එකම විදිය යැයි සිතුනත් එහි තරමක වෙනස් ස්වභාවයක් පවතිනවා. පුරපක්ෂයේ සහ අවපක්ෂයේ සඳ සෑම දිනකම දිස්වන ආකාරය මෙහි දැක්වෙනවා.

සාමාන්‍යයෙන් චන්ද්‍රයා ගමන් කරන්නේ පෘථිවියේ සමකය වටායි. ඒ වගේම දක්ෂිණ අර්ධගෝලයට චන්ද්‍රයා උඩුයටිකුරුව තමයි දිස්වෙන්නේ.

සාමාන්‍යයෙන් උතුරු අර්ධගෝලයේ ජිවත් වන පිරිසට චන්ද්‍රයා පායා ඒම දිස් වන්නේ මේ ආකාරයෙන්. ඒ කියන්නේ දකුණේ සිට වමටයි.

ඒ වගේම දක්ෂිණ අර්ධගෝලයට එය දිස්වන්නේ වමේ සිට දකුණට සඳ උදාවෙන ආකාරයටයි.

මේ ගැන වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් Youtube වීඩියෝවක් නරඹන්න පුළුවන්. NASA ආයතනය නිර්මාණය කරපු මේ වීඩියෝව බලන්නකෝ.

උපුටාගැනීම

log in

reset password

Back to
log in