Game of Thrones නළු නිලියන් සැබෑ ජිවිතයේ මෙන්න මේ වගේ


Game Of Thrones කතා මාලාව ලොව පුරා බොහෝදෙනෙක් ඉතාමත් ආසාවෙන් නරඹන කතා මාලාවක්. එහි 6 වන සීසන් එක පසුගිය සතියේ අවසන් වුණා. මේ කතා මාලාව ලෝකයේ දැනට වැඩිම පිරිවැයක් දරා නිෂ්පාදනය කරන කතාමලාවක් ලෙසටත් වාර්තා අතරට එක වී තිබෙනවා. ඉතින් මෙහි එන ප්‍රධාන චරිත රඟපාන නළු නිලියන් ද බොහෝ සේ ජනප්‍රියත්වයට පත්වී සිටිනවා.මේ නළුනිළියන් කතා මාලාවේ පෙනෙන ස්වරුපයට වඩා තමන්ගේ එදිනෙදා ජිවිතයේ කවර ආකාරයකින් ඉන්නවා දැයි දැනගන්න ඔයගොල්ලෝ ආස ඇතිනේ. මේ ලිපිය ඔබ වෙනුවෙන්.

Cersei Lannister / සර්සි ලැනිස්ටර්

සර්සිගේ චරිතයට පණපොවන ඇය ලෙනා හෙඩේ. චිත්‍ර පටයේ ඇගේ කොණ්ඩය තඹ පාට වුනත් ඇය සැබෑ ජිවිතයේ අපිට හමුවන්නේ වෙනස් ආකාරයකින්. ඇය කතාමාලාව තුලත් සැබෑ ජීවිතයේත් සුන්දර කාන්තාවක් ලෙස හඳුන්වන්න පුළුවන්.


Jon Snow / ජෝන් ස්නෝ
කතා මාලාවේ එන ප්‍රධාන චරිතය. ඔහුගේ නැවත පැමිණීම Game Of Thrones සීසන් 6 ආරම්භයට හොඳ ජීවයක් ගෙන දුන්නා. මේ චරිතයට පනපොවන්නේ කිට් හැරින්ග්ටන්. ඔහුගේ සැබෑ පෙනුම කතාමාලාවේ පෙනුමට බොහෝ සේ සමානයි.


Daenerys Targaryen / ඩැනෙරිස් ටාගේරියන්


කලීසි නොහොත් මකර රැජින ලෙස හැඳින්වෙන මැය නමින් එමිලියා ක්ලාර්ක්. කතා මාලාවේ එන තවත් එක් සුවිශේෂී චරිතයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මැය ඉතාමත් සුරූපී තරුණියක් බව ඔබට පෙනේවි.

Melisandre / මැලිසන්ද්‍රේ


කැරිස් හවුටන් පණපොවන රතු කාන්තාවගේ චරිතය මොනවගේ දැයි පසුගිය සීසන් එකේ දී හැමදෙනාටම දැකගන්න පුළුවන් වුනා. මේ ලන්දේසි ජාතික තරුණිය ට සැබෑ ජිවිතයේ තරුණ පෙනුම රැකගන්න නම් විශේෂ මායා බලයක් අවශ්‍ය නැති බව ඔබට වැටහෙයි.

Arya Stark / ආර්යා ස්ටාර්ක්


දඟකාර කොලු ගැටයකු මෙන් හැසිරෙන කාන්තා චරිතයකට පණපොවන මැය මෙයිසි විලියම්ස්.

Sandor Clegane / සැන්ඩෝ ක්ලේගෙන්


මේකප් වලින් කෙතරම් අපූරු වෙනසක් ඇති කරන්න පුළුවන් ද ? රෝරි මැකාන් අතින් සැන්ඩෝ ගේ චරිතයට පන පෙවෙනවා.

Margaery Tyrell / මාජරි ටිරෙල්


මැය ව ඔබට Hunger Games චිත්‍රපටයෙත් හමුවනවා. කතාමාලාව තුලදී වගේම සැබෑ ජීවිතයේත් සුන්දර යුවතියක් වන මැය නැටලි ඩොර්මර්.

Brienne de Tarth / බ්‍රේන් ඩි ටාත්


බලන්න මැය සැබෑ ජිවිතයේ සහ චිත්‍ර පටය තුල කෙතරම් වෙනස් ද කියලා. ඇය නමින් ග්වෙන්දොලින් ක්‍රිස්ටි.

Samwell Tarly / සැම්වෙල් ටාලි


ජෝන් ස්නෝ ගේ හොඳම මිතුරෙක් වෙන මේ චරිතයට රංගනයෙන් දායක වන්නේ ජෝන් බ්‍රැඩ්ලි වෙස්ට්.

Ramsay Bolton / රැම්සි බෝල්ටන්


ඉවන් රියෝන් අතින් හැඩවන රැම්සි ගේ චරිතය කතා මාලාවේ එන දරුණුම දුස්ටයන්ගේ චරිතයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මොහු දක්ෂ නළුවකු වගේම සංගීතඥයෙක්. ඔහුගේ ගීත ඇල්බමයක් පසුගිය වසරේ එළිදැක්වුනා.

Sansa Stark / සන්සා ස්ටාක්


මේ චරිතයට රංගනයෙන් දායක වන සොෆි ටර්නර් සැබෑ ජීවිතයේ තඹ පැහැති කෙස් කලම්බකට හිමිකම් කියන බව ඔබ දන්නවද ?

Joffrey Baratheon / ජෝෆ්රි බැරතන්


මොහු නමින් ජැක් ග්ලිසන්. කතා මාලාව තුල මොහු කුරිරු පාලකයකු ගේ චරිතය රඟපාන නිසා මගතොටේ දී හමුවන අයගේ ගැරහිලි වලට පවා ලක්වීමට සිදු වුනු බව දැනගන්න ලැබෙනවා !

Khal Drogo / කාල් ඩ්‍රෝගෝ


ජේසන් මොමෝගේ සැබෑ ජිවිතයේ පෙනුමත් කතාවේ පෙනුමත් අතර විශාල වෙනසක් නෑ වගේ නේද ?

උපුටාගැනීම

log in

reset password

Back to
log in