ලොව පුරා බොහෝ දෙනෙකු මවිත කල එළු කොටි මිතුදම කණගාටුදායක ලෙස අවසන් වෙයි.


පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ලොව පුරා බොහෝදෙනෙකුගේ අවධානයක් දිනාගත් එක අපූරු සිදුවීමක් සිදුවුනා. ඒ තමයි රුසියාවේ නැගෙනහිර පැත්තට වන්නට පිහිටා තිබෙන සෆාරි උද්‍යානයක ජිවත් වන සයිබීරියානු කොටියකුගේ කූඩුවට ආහාර පිණිස මුදාහැරි එළුවකු සමඟ අදාළ කොටියා මිතුරු වීමේ සිදුවීම. මේ මිතුදමෙන් පසුව කොටියාට අමූර් (Amur) යන නමත් එළුවාට ටිමුර් (Timur) යන නාමයත් ලබා දීමට අදාළ සෆාරි උයනේ සේවකයන් කටයුතු කළා.

මේ දෙදෙනාගේ මිතුදම මේ දක්වා හොඳින් පැවතුනා. කොටියකු දුටු විට පන බේරාගැනීමට අනෙක් සතුන් දිව යන මුත් එළුවා කිසි ගානක් නැතිව කොටියාගේ ආසන්නයටම ගියා. ඒ විතරක් නෙවෙයි ඌ නිදාගන්න ස්ථානයෙන් කොටියා එලවා දමා එය තමාගේ ස්ථානය සේ අත්පත් කරගත්තා.

කොහොමවුනත් දැනගන්න ලැබෙන විදියට නම් මේ අපූරු මිතුදම කනගාටුදායක ලෙස සටනකින් අවසන් වෙලා තියනවා. මේ දක්වා ඔවුන් ඉතාමත් සාමකාමිව කල් ගත කළා. එකට සෙල්ලම් කරන ආකාරය ද දැකගන්නට ලැබුණා. ටිමුර් මේ මිතුදම නිසා මහත් වෙන්නත් පටන් ගත්තා.

නමුත් පසුගිය ජනවාරි 29 දා මේ අපූරු මිතුදම ගැටුමකින් කෙලවර වුනා. සත්තුවත්තේ නිලධාරීන් නම් කියන්නේ සති ගණනාවක කරදර හිරිහැර වල ප්‍රථිපලයක් විදියට මේ සිදුවීම වුණා කියලයි. ටිමුර් ,කොටියා මතට පනිමින් ඌට ඇනීමට උත්සාහ කිරීම නිසා කෝපයට පත් මේ කොටියා එළුවාගේ ගෙල පපෙදෙසෙන් අල්ලා පුසෙකු මෙන් සොලවා තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වූ නිලධාරින් කොටියාගේ අවධානය වෙනත් දෙසකට යොමු කර එළුවාව බේරාගෙන ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.

මේ දෙදෙනා යලිත් වරක් මිතුරන් සේ සමගි වේ දැයි සැවොම බලා සිටිනවා.

උපුටාගැනීම

log in

reset password

Back to
log in