2015 වසරේ සිදුවුණු දරුණුම ස්වභාවික ව්‍යසන


2015 වසර කෙමෙන් කෙමෙන් ගෙවී අවසන් වෙමින් පවතිනවා. ගෙවුණු වසර දෙස නැවත විපරම් කර බලන අපිට එම වසර තුල සිදුවූ බොහො දේවල් මතකයට නැගෙනු ඇත. මේ දේවල් අතරින් වසර පුරාවට නොයෙක් රටවල් වලට මුහුණ දීමට සිදුවූ ස්වාභාවික ව්‍යසන අමතක කල නොහැකියි. අපි දැන් බලන්න යන්නේ ඒ ස්වාභාවික ව්‍යසන දෙසයි. මේ ව්‍යසන වලට මුහුණ දීමට ලෝකයේ බොහෝ රටවල් අත්වැල් බැඳගත්තා. ඒ වගේම දිනෙන් දින වන පරිසර විනාශය සහ කාලගුණික විපර්යාස පිළිබඳවත් අවධානය යොමුවුණා.

නේපාලයට ඇති වූ දරුණු භූමිකම්පාව (Earthquake in Nepal April 2015)


රික්ට මාපකයේ 7.9ක් ලෙස සඳහන් වූ මේ ප්‍රබල භූමිකම්පාව නේපාලයේ කත්මන්ඩු අගනුවරට ඔබ්බෙන් සිදුවුණා. මුළු නගරයම දෙදරා ගිය මේ භූමිකම්පාවෙන් පුද්ගලයන් 9000ක් පමණ පත්වුණා.

ඇමෙරිකාවේ ටෙක්සාස් හි ගංවතුර (Floods in Texas, US May 2015)


අධික වර්ෂාවෙන් පසු ටෙක්සාස් ප්‍රාන්තය අඟල් 8ක උසකට ජලයෙන් යට වුණා. ජනාධිපති ඔබාමා මේ ප්‍රදේශයේ හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත්කලා. පුද්ගලයන් 22 ක් පමණ මියගියා.

කැල්බුකෝ ගිනිකන්ද , චිලී රාජ්‍ය (Calbuco Volcano April 2015)


වසර 54කට පසු විධාරණය වූ මේ ගිනිකන්ද පිහිටා තිබෙන්නේ චිලි රාජ්‍යයේ. නගරයම අළු වලින් සහ මඩ වලින් වැසී ගියා. ඒ වගේම 6000ක් පමණ දෙනා මේ ප්‍රදේශයෙන් ඉවත් කෙරුනා. නායයෑම් වගේම වාතය ඉතා දැඩි ලෙස දුෂණය වීමත් සිදුවුණා.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් ප්‍රදේශයට බලපෑ හිමකුණාටුව (Kabul, Afghanistan March 2015)


ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවරට උතුරින් පිහිටි පන්ශිර් ප්‍රදේශයට දරුණු හිමකුණාටුවක් ඇතිවුණා. ප්‍රදේශයේ සිටි බොහෝ දෙනා ප්‍රදේශය අත්හැර යාමට කටයුතු කල අතර බොහොමයක් විනාශයට පත්වුණා. 196 දෙනෙකුට මරු කැඳවූ මේ ව්‍යසන සමයේ මේ ප්‍රදේශයට සතියක් තුල දරුණු හිම කුණාටු 40 සංඛ්‍යාවක් ඇතිවුණා.

ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයට ඇති වූ දරුණු නියඟය (Drought in California, US Throughout 2015)


වසර 4කට ආසන්න කාලයක් පුරා මේ නියඟය පැවතුණත් මේ වසරේ තත්ත්වය තවත් දරුණු වුණා. මේ නිසාම ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා ජල භාවිතය සිමා කල අතරම ප්‍රදේශය ප්‍රථම වරට නියං කලාපයක් ලෙසට නම් කෙරුණා.

ජපානයේ වෙරළාසන්නව ඇති වූ භූමිකම්පාව (Coastal Earthquake in Japan May 2015)


8.5ක ප්‍රබලත්වයක් සහිත භූමිකම්පාවක් ජපානයේ වෙරළට ඔබ්බෙන් ඇතිවුණා. මේ නිසා නැවතත් 2011 වසරේ වැනි සුනාමි අවදානමක් ඇතිවුණා.

ඕස්ට්‍රේලියාවේ ලැව්ගිනි (Wildfires in Australia January 2015)


සෑම වසරකම මෙන් මේ ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි ඇති වුණා. මේ ගිනි වලින් විශාල නිවාස ප්‍රමාණයක් විනාශ වී ගියා. අනෙක් වසරවල් වලට වඩා තත්වය උග්‍ර ස්වරූපයක් ගත්තා.
2015 වසරේ සිදුවුණු දරුණුම ස්වභාවික ව්‍යසන

උපුටාගැනීම

log in

reset password

Back to
log in