මේ වගේ කෘතීම ආහාර ගැනීමෙන් ද දුම් බීමෙන් වගේම පිළිකා ඇති වෙන්න පුළුවන්.


ලෝක සෞඛ්‍ය සංවිධානයේ අලුත්ම වාර්තා වලට අනුව කෘතීම ලෙස සැකසු මස් වර්ග ආහාරයට ගැනීම අපේ සෞඛ්‍යට ඉතාමත් අහිතකර ප්‍රථිපල ගෙන එන්න පුළුවන්. ඔවුන් මේ කෘතීම මස් වර්ග ආහාරයට ගැනීම සංසන්දනය කරන්නේ දුම් පානය කිරිමකටයි. මේ වගේ කෘතීම ලෙස සැකසු මස් වර්ග ආශ්‍රිතව නිෂ්පාදනය කෙරෙන ආහාර ගැනීමෙන් බඩවැල් ආශ්‍රිත පිළිකා ඇති වීමේ අවධානමක් පවතිනවා. ඒ වගේම රතු මස් වර්ග ආහාරයට ගැනීමත් මේ තත්ත්ව ඇතිවීමට යම්කිසි හේතුවක් වන බවට පැවසෙනවා. මේ පිළිබඳව වාර්තාව එළිදක්වමින් ඔවුන් hot dogs සහ හැම් වැනි කෘතීම ලෙස සැකසු මාංශ නිෂ්පාදන පළමු ගණයේ පිළිකා කාරක වන දුම්කොළ, ඇස්බැස්ටෝස්, ඉන්ධන වාෂ්ප සමඟ වර්ගීකරණය කර තිබෙනවා. මේ ගණයට අයත් වන්නේ ප්‍රබල පිළිකා කාරකයි. ජාත්‍යන්තර පිළිකා පර්යේෂණ ආයතනයේ වෛද්‍ය Kurt Straif මහතා පවසන්නේ මෙවැනි කෘතීම මාංශ ආශ්‍රිත නිෂ්පාදන භාවිතය නිසා සාමාන්‍ය පුද්ගලයකුගේ ගුදමාර්ගය ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවදානම අවම වුනත් මිනිසාගේ මාංශ පරිභෝජනය ඉහළයාමත් සමඟ අවදානම ද ඉහල යන බවයි.

රතු මාංශ ලෙස සැලකෙන හරක් මස්, ඌරු මස් වැනි මාංශ ඇතුලත් වන්නේ දෙවෙනි ගණයටයි. මේ පර්යේෂක කණ්ඩායම පසුගිය මාසයේ පැවැත්වූ රැස්වීමක දී අනාවරණය කලේ දිනකට අනුභව කරන මෙවැනි කෘතීම මාංශ ග්‍රෑම් 50කටම මහා අන්ත්‍රය ආශ්‍රිත පිළිකා ඇතිවීමේ අවදානම 18කින් ඉහල යන බවයි. Colorectal cancer (මහා අන්ත්‍රයේ ගුද මාර්ගය ආසන්නයේ ඇති වන පිළිකා) යනු ඇමෙරිකාවේ දෙවෙනියට ඉහලම මරණ සංඛ්‍යාවකට හේතු වන පිළිකාව බවයි. මේ නිසා වසරකට සිදුවන මරණ සංඛ්‍යාව ඇමෙරිකාව තුල පමණක් 50,000ක් වන බවට වාර්තා වනවා.

කෙසේ නමුත් මේ පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍යවරයෙක් පවසා සිටියේ මාංශ වර්ග පමණට අනුභව කිරීමෙන් පිළිකා වැළඳීමේ අවදානම ඉතාමත් අවම බවත් එමගින් ශරීරයට අවශ්‍ය නිසි පෝෂණය ද ලබා ගැනීමට හැකි වන බවයි. ඔබත් දිනපතාම Hot dog හෝ බර්ගර්ස් වැනි ආහාර වලට ඉතාමත් ප්‍රියකරනවා නම් ඊළඟ වතාවේ එම ආහාර ගැනීමට පෙර යලිත් වරක් සිතා බලන්න. ඉඳලා හිටලා කෑවට නම් කමක් නෑ.

උපුටාගැනීම

log in

reset password

Back to
log in