සෙල්ෆි ගන්න හපන් පූසෙක්.


අන්තර්ජාලයේ මේ දවස් වල අපිට ඕනෑතරම් සුරතලුන්ගේ ඡායාරූප බොහොමයක් අපිට දැකගන්න පුළුවන්. මේ අතර ඉන්න අපූරු සුරතලෙක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ. මෙයාගේ නම මැනී. මැනී කියන්නේ පූසෙක්. මෙයාගේ විශේෂත්වය මොකක්ද දන්නව ද ? මෙයා සෙල්ෆි ගන්න දක්ෂයෙක් ලු.

මැනී කියන්නේ අළුපාට ට හුරු බළලෙක්. මෙයාට මේ වෙනකොටත් Instagram ඔස්සේ රසික රසිකාවියන් දහස් ගණනක් ඉන්නවා කියලත් දැනගන්න ලැබෙනවා. මෙයා ගැන දැනගන්න ලැබෙන විස්තර වලට අනුව කැමරා , GoPro වැනි උපාංග වලට මෙයා ගොඩක් ඇලුම් කරනවා. මෙයාගේ ස්වාමියා මෙයා ළඟට කැමරාවක් අරගෙන එන හැමවෙලාවෙම මෙයා පුංචි කකුල් කැමරාව දෙසට දිගුකරන්නේ හරියට නිකං සෙල්ෆියක් ගන්නම ලැස්තිවෙලා වගේ.

මෙයාගේ මේ අපූරු කැමරාවට මුහුණදෙන විලාසය දැකපු වෙලාවේ ඉඳන් මෙයාගේ ස්වාමියා, මැනීගේ ඡායාරූප අන්තර්ජාලයට එකතු කිරීම ආරම්භ කළා. Instagram වල මැනීගේ තනි ඡායාරුප මෙන්ම එයාගේ බලු යාළුවන් එක්ක ඉඳලා ගත්තු ඡායාරූපත් තියනවා.

බලන්නකෝ මේ ඡයාරූප සිරා නේද කියලා.

උගේ Instagram profile එක මෙතනින් නරඹන්න.







උපුටාගැනීම

log in

reset password

Back to
log in