කැනේඩියානු වෛද්‍යවරයා කාම්බෝජයේ රක්තහීනතාවට සොයාගත් අපුරු පිළියම.


වසර 6කට පමණ පෙර කැනේඩියානු වෛද්‍ය ක්‍රිස්ටෝපර් චාල්ස් මහතා කාම්බෝජයට සංචාරය කළා. එහිදී ඔහුට දැකගන්නට ලැබුනේ එරට දරුවන්ගේ බොහෝ දෙනෙක් රක්තහීනතාවයෙන් පෙලෙන බවයි. ඒ වගේම ඔවුන්ගේ වැඩිහිටියන් ද ඒ වගේම ප්‍රශ්නයකට මුහුණපා සිටියා. ඔවුන්ට අවශ්‍ය නිසි යකඩ ප්‍රමාණය නොලැබීම නිසා තමයි මේ තත්වය ඇතිවෙලා තිබුනේ. ඔවුන්ට නිරන්තරයෙන්ම හිසේ කැක්කුම් වැළඳීම නිසා එදිනෙදා වැඩකටයුතු කරගැනීම පවා අපහසු වී තිබුනා.

මෙයට පිලියමක් කල්පනා කරමින් සිටි චාල්ස් මහතාට අපූරු අදහසක් පහල වුනා. ඒ තමයි වාසනාවන්ත යකඩ මාළුවාගේ සංකල්පය. මේ මගින් වැඩිහිටියකුට එදිනෙදා අවශ්‍ය යකඩ ප්‍රමාණයෙන් 75%ක ප්‍රමාණයක් ලබාදීමේ හැකියාව තිබෙනවා. ලොව පුරා බිලියන 2ක් පමණ ජනතාව රක්තහිනතාවයෙන් පෙළෙනවා. ඒ වගේම යකඩ ඌනතාවයෙන් පෙළෙනවා. සමහර විට මෙය ඔවුන්ගේ මරණයට පවා හේතුවක් වෙනවා.

මේ රෝග තත්වයට කළහැකි ප්‍රතිකාර ක්‍රම තිබුනත් බොහෝ විට ඒවා නොලැබීම නිසා හෝ ඒවායේ මිල අධික වීම නිසා මේ රෝගීන්ට එහි සුවය විඳීමට ඇති ඉඩකඩ අවම වෙනවා.

චාල්ස් මහතාගේ මේ අපූරු යකඩ මාළුවා අපූරු නිපැයුමක්. අවශ්‍යවන්නේ ඔබ පානය කරන ජලය හෝ සුප් එකට මේ යකට මාළුවා දමා විනාඩි 10ක් පමණ නටවා ගැනීම පමණයි.

මේ මාළුවා වසර කිහිපයක්ම භාවිතා කරන්නත් පුළුවන්.

මාස 12කට පසු කල පර්යේෂණ වලින් පෙනීගියේ මේ මාළුවා භාවිතා කල කාම්බෝජ වැසියන්ගෙන් අඩක් ම රෝගී තත්වයෙන් සුවය ලබා ඇති බවයි. මේ අපූරු පිළියම තවදුරටත් වැඩිදියුණු කර ලෝකයේ දියුණු වන අනෙක් රටවල් වලටත් ව්‍යාප්ත කිරීම චාල්ස් මහතාගේ මීළඟ වෑයමයි.

වෛද්‍යවරයා

උපුටාගැනීම

log in

reset password

Back to
log in