Apple උපාංග ලොවපුරා බිලියනකට අධික සංඛයාවක් ක්‍රියාත්මකයි.


Apple සමාගම පසුගිය මාසය අවසානයේ ඔවුන්ගේ අදායම් වාර්තා හෙළිකරමින් පවසා සිටියේ ඔවුන් එක් කාර්තුවක දී ලබා ඇති ඉහලම ආදායම ලබා ඇති බවයි. ඒ වගේම ඔවුන් තවත් වැදගත් මංසලකුණක් පසුකර තිබෙන බවත් දැනගන්නට ලැබෙනවා. ඒ තමයි ලෝකයේ සක්‍රිය Apple උපාංග බිලියනකට වඩා අධික සංඛයාවක් ක්‍රියාත්මක බව. මේ බව ඔවුන් ගණනය පසුගිය මාස තුනක කාලය පුරාවට Apple Store හෝ iCloud පහසුකම භාවිතා කර ඇති පුද්ගලයන්ගේ ගණන සැලකිල්ලට ගනිමින්.

මේ ප්‍රමාණය ලෝක ජනගහනයෙන් 1/7ක ප්‍රමාණයක් ලෙස සලකන්න පුළුවන්. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ටිම් කුක් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ මේ ප්‍රථිපල අත්කරගැනීමට හේතු වූයේ ඔවුන්ගේ ව්‍යාපාරයේ කටයුතු සාර්ථක කරගැනීමට හේතුවූයේ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු වඩා කාර්යක්ෂම සිදුකිරීම නිසා බවයි.

මේ ඉහත සඳහන් කර ඇති Apple උපාංග අතර iPhones, iPads, iPhone, iPad, Mac, iPod touch, නව Apple TV සහ Apple Watch ද වනවා. මේ අතරම සමාගමේ ආදායම ට වැඩි වශයෙන් දායක වන්නේ කා අතරත් ජනප්‍රිය iPhone එකයි.

උපුටාගැනීම

log in

reset password

Back to
log in