Galaxy S7 සහ S7 Edge දුරකථන බොහෝ දුරට S6 දුරකතනයේ හැඩයට සමාන වන ලකුණු.


Samsung සමාගම සිය සුපිරි ජංගම දුරකථන පෙළක් වන Galaxy S මාදිලියේ නවතම දුරකථන හඳුන්වා දී වසරක කාලයක් ගතවී තිබෙනවා. දැන් බොහෝ දෙනා අතර කතාබහට ලක්වන්නේ නවතම Galaxy දුරකථන වන Galaxy S7 සහ S7 Edge දුරකථන පිළිබඳවයි. මේ දුරකථන දෙකම මේ මාසයේ එළිදැක්වීමට නියමිත බව දැනගන්නට ලැබෙනවා.

S6 දුරකථනය Galaxy S පවුලේ නව පෙරලියක් ඇතිකළ දුරකතනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. එහි බාහිර පෙනුම ඉතාමත් වෙනස් ස්වරූපයක් ගැනීම බොහෝ දෙනා අගය කරන කාරණයක් වන්නට විය. නමුත් එහි පෙනුම ඉතා දැකුම්කලු වන විට අනෙක් පසින් එහි ඇති වැදගත් පහසුකම් කිහිපයක්ම පාරිභෝගිකයන් හට අහිමි වන්නට විය. microSD slot සහ ජලයට හා දුහුවිල්ලට ඔරොත්තු දීමේ හැකියාව (IP67) දුරකතනයෙන් ඉවත් වන්නට විය. එමෙන්ම ගැලවිය හැකි බැටරියක් ද මෙහි දැකගන්නට නොලැබීම ගැටළුවක් විය. කෙසේ නමුත් ලැබෙන ආරංචි වලට අනුව මේ නව S දුරකථන වල මේ පහසුකම් වලින් සමහරක් දැකගන්නට ලැබෙන බවට ආරංචි පැතිර යනවා. microSD slot සහ IP67 තත්ත්ව සහතිකය මෙයට ලැබෙන බවට පැවසෙනවා.

ඒ වගේම මේ දුරකතන අඟල් 5.1 ස හ 5.5 යන ප්‍රමාණයේ තිර සහිතව වෙළඳපොළට නිකුත් වන බවත් දැනගන්නට ලැබෙනවා. මේ තිර 1440 x 2560 quad HD Super AMOLED තිර බවටත් පැවසෙනවා. තව ද මේ දුරකථන වල බැටරි ප්‍රමාන 3000mAh සහ 3600mAh වන බවත් රැහැන් රහිතව චාර්ජ් කිරීමේ හැකියාව සහිත බවත් පැවසෙනවා. මේ දුරකථන තුල Qualcomm Snapdragon 820 හෝ Samsung සමාගමේ Exynos 8 Octa 8890 යන ප්‍රොසෙසර් දෙකෙන් එකක් අන්තර්ගත විය යුතු බවටත් අනාවැකි පලවෙනවා. ඒවගේම මෙහි 4GB RAM එකක් සහ මෙගාපික්සල් 12ක පසුපස කැමරාවක් ද අන්තර්ගත බව දැනගන්න ලැබෙනවා. ඒ වගේම iPhone 6s සහ 6s Plus හි ඇති පීඩන සංවේදී තිරයක් ද මේ නව දුරකථන වල දැකගත හැකිවනු ඇති බවට පැවසෙනවා.

පෙබරවාරි මාසයේ බාසිලෝනා හි පැවැත්වෙන 2016 Mobile World Congress උළෙලේ දී මේ නව දුරකථන දැක බලාගැනීමේ අවස්ථාව උදාවෙනු ඇත. දැනට නිකුත් වී ඇති ඡායාරූප අතුරින් විශ්වාස කල හැකි ආකාරයේ රූප කිහිපයක් මේ ලිපිය තුල භාවිතා කරලා තියනවා.

අපි බලමු මේ සුපිරි දුරකථන මොනවගේ වේවි ද කියලා.

උපුටාගැනීම

log in

reset password

Back to
log in