තායිලන්තයම හඬවමින් අවසන් ගමන් ගිය රාජකීයයා


in-remembrance-of-his-majesty-king-bhumibol

rtxvevk

පසුගිය 13 වෙනිදා රාත්‍රියේ සිදුවූ භූමිබෝල් අදුල්යාදේජ් (Bhumibol Adhulyadej) රජුගේ මරණය සෑම තායිලන්ත වැසියෙකුම සසල කරන්නන්ට සමත්විය. මිය යන විට 88 වන වියෙහි පසුවූ මෙම රාජකීයයා දුප්පතුන්ගේ හිතවතෙකු ලෙස ඉමහත් ජනප්‍රසාදයක් දිනා සිටි අතර රටේ ඉදිරි ගමන සඳහා ප්‍රමුඛ ගාමක බලවේගයක් වූවේය. ලොව වැඩිම කාලයක් රාජ්‍ය පාලනය කල රජු වශයෙන් සැලකෙන මෙතුමා ජීවමාන දෙවියෙකු ලෙස ජනතාවගේ ගෞරවයට ලක් විය. ඔහුගේ දේශනයන් ඉගැන්වීම් ලෙස සලකනු ලැබූ අතර ඒවායේ මහත් වූ දැනුම් සම්භාරයක් අන්තර්ගත විය.

41c55fdcfe8d0621697ec2fdcd603f25

a0a5dabd564eecacfbe7a3cc6519967f
king-bhumibol-t-1

1927 දෙසැම්බර් 2වෙනදා මහිදුල් අදුල්යාදේජ් කුමරුටත් මම් සන්ග්වන් කුමරියටත් දාව ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් හීදී උපත ලද මෙතුමාට “දේශයේ ශක්තිය වන අසමසම බලය” යන තේරුම ඇතිව බුමිභෝල් යනුවෙන් නම් තබන ලදී. සිය සොහොයුරු ආනන්ද මහිඩොල්ගේ මරණයෙන් පසු 1946 ජුනි 9 වනදා සිහසුනට නම් කරන ලද මෙතුමා 1950 මැයි මසදී සිය අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් පසු තායිලන්තයේ රජු ලෙස කිරුළු පැළඳුවේය. මොහුගේ පාලන කාලය තුළදී අගමැතිවරු 30 දෙනෙකු පමණ සමග කටයුතු කිරීමට හැකිවිය.

4d7a75770eef8553dc8846dbc231b57a
4748
aceb3ac993c54002854a4e0a519eda24

මිලියනයකට අධික ජනතාවකට සෙත සැලසෙන කෘෂිකාර්මික ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළ මෙතුමා දුප්පත් ජනතාවට අධ්‍යාපනය ලබාදීමට ප්‍රමුඛත්වයක් ගෙන කටයුතු කළේය. රට මුහුණදුන් තීරණාත්මක අසීරු අවස්ථා ගණනාවකදී ඊට නොබියව මුහුණ දුන් රජු රාජ්‍යත්වයට එරෙහිව ඇතිවූ කුමන්ත්‍රණ කිහිපයක්ම අවිහිංසාවෙන් පරාජය කළේය. 2006දී මෙතුමා මානව සංවර්ධනය උදෙසා කළ සේවය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ යාවජීව සම්මානයෙන් ප්‍රථම වරට පිදුම් ලබන ලදී. කෘත්‍රිම වැසි ඇති කරන යන්ත්‍රයක් සඳහා පේටන්ට් බලපත්‍රයක්ද මෙතුමා සතු විය.

3285
171923145-4d3d28e1-724b-4234-afcb-84f569ffb623
1476520104978
1476361977634
20161012001285971635-original
bn-qf959_thaiki_m_20161013040702
rtss1un-1024x772
rtss2z0-1024x718

2009 වසරේ සිට පෙනහළු ආසාදනයක් හේතුවෙන් පීඩා විඳි මේ රාජකීයයා මෙලොවින් සමුගන්නා විට තායිලන්ත ජනතාවගේ හදවත් තුළ නොමැකෙන සටහනක් තබා අවසන්ය. රජුගේ මරණය හේතුවෙන් දින 30ක් තායිලන්ත ජාතික කොඩිය අඩකුඹු කර තබන අතර සියලු විනෝදාත්මක කටයුතු ජාතික ශෝක කාලය තුල අවලංගු කර ඇත.

log in

reset password

Back to
log in