Tesla මෝටර් රථ සමාගම ජර්මානු සමාගමකට එරෙහිව නඩු පවරයි.


විදුලියෙන් ධාවනය වන මෝටර් රථ සඳහා ප්‍රසිද්ධියක් උසුලන Tesla මෝටර් රථ සුපිරි මෝටර් රථ නිර්මාණය කරන සමාගමක්. ඔවුන්ගේ නවතම මෝටර් රථයක් වන Model X සඳහා ඔවුන් විශේෂ දොරක් හඳුන්වා දුන්නා. ඒ කුරුල්ලෙකුගේ පියාපත් මෙන් ඉහලට එසවෙන දොරවල් විශේෂයක්. මේවා falcon-wing දොරවල් ලෙස හැඳින්වෙනවා.

ඔවුන් මේ දොරවල් නිර්මාණය කිරීමේ කාර්යභාරය බාර දුන්නේ ජර්මානු සමාගමක් වන Hoebiger Automotive Comfort Systems සමාගමටයි. මේ සමාගම තෝරාගැනීමට හේතු වූයේ ඔවුන් මීට පෙරත් වාහන වල හයිඩ්‍රෝලික් දොරවල් සහ ඉහල එසවිය හැකි වහලවල් නිර්මාණය කිරීමට නමක් දිනාසිටින සමාගමක් නිසයි. නමුත් ටෙස්ලා සමාගම පවසන අන්දමට ඔවුන් විසින් නිර්මාණය කර ලබා දුන් මෝටර් රථ දොරවල් නිසි ප්‍රමිතියකින් තොර බවයි. එම දොරවල් සමාගම අපේක්ෂා කල වේගයෙන් ඉහල නොයන අතරම ඒවා නිසි ජ්‍යාමිතියකින් ද තොර බව Tesla සමාගම පවසනවා.

මේ අතර ටෙස්ලා සමාගම සිය වාහන වල දොරවල් නිෂ්පාදනය කිරීමට තවත් සමාගමක් තොරාගෙන ඇති බවත් දැනගන්නට ලැබෙනවා.

ටෙස්ලා සමාගම මේ දොරවල් නිර්මාණය කිරීම වෙනුවෙන් අදාළ ජර්මානු සමාගමට ඩොලර් මිලියන තුනක මුදලක් ලබා දී තිබෙන අතර නඩු තීන්දුව හරහා ඒ මුදලින් යම් කිසි ප්‍රමාණයක් ආපසු ලබාගැනීමටත් අපේක්ෂාවෙන් සිටිනවා.

මේ සිදුවීම පිලිබඳ වැඩිදුර අදහස් දක්වන Tesla සමාගමේ ඉහල නිලධාරියෙක් පවසා සිටියේ මේ නඩු පැවරීම සිදු කිරීමට මූලික වශයෙන් හේතුවක් වූයේ මේ සම්බන්ධ කටයුතු වලදී අදාළ ජර්මානු සමාගම සිය කොන්දේසි හා වගකීම් පැහැර හැර ටෙස්ලා සමාගමෙන් වැඩි පුර මුදල් ඉල්ලා සිටීම බවයි.

කෙසේ වෙතත් ටෙස්ලා සමාගම ඔවුන්ගේ මෝටර් රථ නිෂ්පාදනය සුපුරුදු පරිදි ඉදිරියටම කරගෙන යන බවත් දැනගන්නට ලැබුණා.

උපුටාගැනීම

log in

reset password

Back to
log in