ඔබත් යම්දෙයක් අහිමිවීම නිසා ජිවිතයම ආසාර්ථක යැයි සිතනවා ද ?


ලෝකයේ විවිධ ආකාරයේ මිනිසුන් ජිවත් වෙනවා. දුප්පත් – පොහොසත්, උගත් – නූගත් , දක්ෂ – අදක්ෂ , කම්මැලි – කඩිසර, වගේ විවිධ වර්ගීකරණ සමාජය තුල පවතිනවා. ඉතින් මේ විව්ධාකාරයේ මිනිසුන් ජිවත් වන සමාජය තුල ආබාධිත යැයි සැලකෙන පුද්ගලයන් කොට්ඨාශයක් ද ජිවත් වෙනවා. මේ අතර බොහෝ දෙනා තමාගේ අතපය අහිමි වීම ගැන කම්පාවට පත්වී ජිවිත දුකසේ ගතකරනවා. ඒ වගේම අතපය හතර හොඳට පිහිටා තිබෙන මිනිසුන් ද තමාට හිමි වී තිබු හෝ අහිමි වී ගිය නැති වී ගිය තමාගෙන් ගිලිහුණු දේවල් ගැන සිත් තැවුලෙන් පසුවෙනවා. මෙවැනි මිනිසුන් ජිවත් වන සමාජයක් තුල ජිවත් වන ධෛර්ය සම්පන්න මිනිසෙකුගේ මේ පුවත අපිට වාර්තා වෙන්නේ ජර්මනියෙන්.

ඔහු නමින් ටමේරු සේගේ .(Tameru Zegeye) ඔහු උපතින්ම විකෘති වූ දෙපා සහිත පුද්ගලයෙක්. ඔහු උපත ලබන්නේ ඉතියෝපියාවේ. දුර්වල දෙපාවලට තමාගේ ඉදිරි අනාගතය තීරණය කිරීමට ඉඩනොදුන් ඔහු කුඩා කල සිටම තමාගේ දෑත් වල උපකාරයෙන් එහා මෙහා යාමට පුරුදු වුණා. ඔහු දැන් සේවය කරන්නේ ජර්මනියේ සර්කස් කණ්ඩායමක. ඔහු දැන් බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධියට පත්ව සිටින්නේ කිහිලිකරු ආධාරයෙන් උඩුයටිකුරුව සිට දස්කම් පාන්නෙකු ලෙසටයි. ටමේරු පසුගිය දෙසැම්බර් මාසයේ නව ගිනස් ලෝක වාර්තාවක් තැබුවේ තමාගේ දස්කම් මුළු ලෝකයටම පෙන්වමින්. ඔහු මීටර 100ක දුරක් තමාගේ කිහිලිකරු මත උඩුයටිකුරුව සිට ගනිමින් තත්පර 57ක් තුල නිමා කරමින් නව ගිනස් වාර්තාවක් පිහිට වූවා. ඒ මීටර 100ක් සිය කිහිලිකරු මත උඩුකුරුව සිටගනිමින් පසුකල වේගවත්ම පුද්ගලයා ලෙසයි.

ඔහුගේ උත්සාහයත්, කැපවීමත්, ධෛර්යසම්පන්න බවත් ,උළු ලෝකයටම ආදර්ශයක්. ඔහු අපි හැමෝටම හොඳ පණිවිඩයක් ද ලබා දුන්නා. ” මම අනිත් හැමෝටම වඩා වෙනස්. මේ මට අවේනික හැකියාවක්. නොකළ හැකි කිසිවක් නැත”. ඔහුගේ මේ දස්කම 2016 ගිනස් ලෝක වාර්තා පොතටත් ඇතුලත් වුණා.

උපුටාගැනීම

log in

reset password

Back to
log in