Snapdeal වෙතින් ඩොලර් 1කට iPhone 5s එකක්


ඉන්දියානු සිසුවෙකු අන්තර්ජාල වෙළඳපොළක් වන Snapdeal වෙතින් ඩොලර් 1ක් වැනි මුදලකට iPhone 5s වර්ගයේ දුරකතනයක් මිලදී ගත්තේ අහම්බෙන් මෙන් දුටු විශේෂ වට්ටමක් නිසයි. ඔහු මේ දුරකථනය මිලදී ගත්තේ 2014 වසරේ දී. iPhone 5s දුරකථනය වෙළඳපොළට නිකුත් වී වසරක පමණ කාලයක් ගතවී තිබු ඒ කාලයේ දුරකථනය අලෙවි වුයේ ඩොලර් 315ක් වැනි මුදලකටයි.

මේ දුරකථනය මෙවැනි මුදලකට අලෙවි වුනත් Snapdeal සමාගම මේ සිදුවීමට මුහුණ දුන් සිසුවාට දන්වා තිබෙන්නේ මෙය අතපසුවීමකින් සිදුවූ දෙයක් වන අතර මෙවැනි මුදලකට මේ දුරකථනය ලබා දිය නොහැකි බවයි. එය තාක්ෂණික දෝෂයක් නිසා වූ බව ඔවුන් කියන්නට වුනා. මේ සිදුවීමට මුහුණ දුන්නේ නිකිල් බන්සාල්. ඔහු මේ පිළිබඳව ඉන්දියාවේ වාණිජ අධිකරණයකට නඩුවක් පවරන්නට වුනා. මේ නඩුව විභාගයට ගැහ අධිකරණය සමාගමට දන්වා සිටියේ අදාළ පුද්ගලයාට වූ අපහසුතාවය නිසා වියදම් කිරීමට වූ නඩු මුදල් මුදල් ප්‍රමාණය ආපසු ලබා දීමට කටයුතු කරන ලෙසටයි. නමුත් මේ තීරණයට හිසනැමීමට සමාගම සුදානම් වුයේ නෑ. මේ නිසාම උසාවිය අදාළ සමාගමට ඉන්දියානු රුපියල් 10,000ක දඩයක් ද නියම කිරීමට කටයුතු කළා.

මේ සිදුවීම පිළිබඳව Snapdeal සමාගම මෙතෙක් අදහස් දක්වා නොමැති අතර ඔවුන් මේ පිළිබඳව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

උපුටාගැනීම

log in

reset password

Back to
log in