ලංකාවට ඉහල අහසේ අපූරු සිදුවීමක්.


අපේ පෘථිවි වායුගෝලය ඉහල කුණු ගොඩක් කිව්වොත් ඔයගොල්ලෝ පිලිගන්නවා ද ? අපි මේ ගැන ඔයගොල්ලොන්ට කලින් දවසකත් කියලා ඇති. අපි යවලා තියන රොකට් වල සමහර කොටස්, ඒ වගේම චන්ද්‍රිකා වල සුන්බුන්, ක්‍රියාවිරහිත වෙච්ච චන්ද්‍රිකා වගේ ගොඩක් දේවල් වලින් හැදුණු සුන්බුන් ගොඩක් එකතු වෙලා තමයි මේ කුණුගොඩ හැදිලා තියෙන්නේ. කොහොම හරි මේ මාසයේ 13 වැනිදා ඒ කියන්නේ නොවැම්බර් 13 වනදා උදෑසන 11.50 ට ලංකාවේ හම්බන්තොට ප්‍රදේශයේ වෙරළට කිලෝමීටර 100ක් පමණ ඔබ්බෙන් වන ඉහල අහසේ WT1190F ලෙස හැඳින්වෙන සුන්බුන් කැබැල්ලක් නැවත පෘථිවි වායුගෝලයට ඇතුළු වීම නිසා එය දහනය වීමකට ලක්වන අතර එය වඩාත් හොඳින්ම දැකබලා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකීය වාසී අපට උදා වී තිබෙනවා. මුළු ලෝකයේම අවධානය මේ දෙසට යොමුවෙලා තිබුනත් ලංකාවේ අපිට තමයි මේ සිදුවීම හොඳටම දැකගැනීමේ හැකියාව තියෙන්නේ.

මේ විදියට දැවිමකට ලක්වෙන්නේ රොකට්ටුවක ඉන්ධන ටැංකියක් එහෙම නැතිනම් ආධාරක කොටසක් කියල තමයි දැනගන්න ලැබෙන්නේ. මේ වස්තුව ප්‍රමාණයෙන් කුඩා නිසා ඒ කියන්නේ මීටර කිහිපයකට වඩා විශාල නොවන නිසා පියවි ඇසට දැකගන්න එක නම් ආමාරු වුනත් දීප්තිමත් එළියක් සමඟ මෙය දහනය වෙනවා. ඒ වගේම මෙය සිදුවන්නේ දහවල් කාලයේ නිසා මෙය දැකගැනීම තවත් අපහසු වෙනවා. නමුත් තත්පර කිහිපයකට හෝ මෙය දිස්වෙයි කියල තමයි දැනගන්න ලැබෙන්නේ. මේ සිදුවීම ලංකාවේ ස්ථාන කිහිපයකට හොඳින්ම දිස්වෙනවා කියලා දැනගන්න ලැබෙනවා.

මහා රාවණා ප්‍රදීපාගාරය (Great Basses Reef Lighthouse)
යාල වනාන්තරය අසල වෙරළේ සිට කිලෝමීටර 13ක් පමණ එහාට වෙන්න තමයි මේ ස්ථානය පිහිටලා තියෙන්නේ. මේ ස්ථානය දැනට පාලනය කෙරෙන්නේ නාවික හමුදාවෙන්. ඒ හින්දා මෙතනට යන අදහස හිතින් ඇත ඇරගත්තාට කමක් නෑ.

Saraii Village
මෙය හම්බන්තොට ප්‍රදේශය පිහිටි ස්වාභාවික පරිසරය ආශ්‍රිතව ගොඩනගා ඇති හෝටලයක්.මේ ස්ථානයේ සිට පැහැදිලිව අහස දැකගන්න පුළුවන්. මගින් වන බලපෑම මේ ස්ථානයේ අවම නිසා පැහැදිලිව අහස නිරීක්ෂණය කරන්නන පුළුවන් ස්ථානයක් විදියට සැලකෙනවා. රාත්‍රී කාලයට මේ ස්ථානයේ සිට ක්ෂීර පථය පවා පැහැදිලිව දැකගන්න පුළුවන්.

ඇල්ල

වැසි බර කාලගුණ තත්වයක් නොමැති ස්ථානයක්.

ඔබ සිටිනා ඕනෑම ස්ථානයක් .
උදේ 11.50ට ජනේලයෙන් ඔලුව එලියට දාන්න අමතක කරන්න එපා.

උපුටාගැනීම

log in

reset password

Back to
log in