බලන්න වැසිකිලියක් තුලට මියෙකුට රිංගන්න කෙතරම් පහසු ද කියලා.


නිවසකට මීයෙක් ඇතුළු වුණා කියන්නේ නිවැසියන්ට විශාල හිසරදයක්. නගරබදව ජිවත් වන අයට වගේම ග්‍රාමීය ප්‍රදේශ වල ජිවත් වන අයටත් මෙවැනි අත්දැකීම් වලට මුහුණ දීමට සිද්ද වෙනවා. කොහොමනමුත් ගොඩක් ජනාකීර්ණ නගරවල අපද්‍රව්‍ය බැහැර යොදමා තිබෙන විශාල නල මාර්ග මියන්ගේ ප්‍රියතම වාසස්ථානයක්. ඉතින් ඒ නිසාම නගර වල තිබෙන ඇතැම් නිවාස සහ ගොඩනැගිලි වල වැසිකිලි තුළටත් මේ මියන්ට ඇතුළු වීමේ හැකියාවක් පවතිනවා. වැසිකිලි බඳුන තුලට මියෙකුට කෙතරම් පහසුවෙන් ඇතුළු වෙන්න පුළුවන් ද කියලා පැහැදිලි කරන්න National Geographic නාලිකාවෙන් කල පර්යේෂණයක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ.

මියන් කිව්වම අපිට නම් හිතෙන්නේ ගොඩබිම ජිවත් වන සතුන් කොටසක් විදියටයි. නමුත් මේ මියන්ට හොඳින් පිහිනීමේ හැකියාවකුත් තිබෙනවා. මේ අපූරු වීඩියෝව නරඹන ඔයගොල්ලොන්ට තේරෙයි මීයෙක් කොයිතරම් අපූරුවට වැසිකිළියක් තුලට ඇතුළුවෙනවා ද කියලා. ඔවුන් මේ පර්යේෂණය කරලා තියෙන්නේ වැසිකිලි බඳුනක් හරි අඩකට වෙන්කර නිරාවරණය වන සේ සැකැස්මක් නිර්මාණය කරමින්.

මේ අවස්ථාව සජීවීව නැරඹීමේ අවස්තාව ද ඔවුන් ප්‍රේක්ෂකයන්ට ලබා දුන්නා. මියෙකුගේ ඉල ඇට කූඩුව සැකසී ඇති විශේෂ ආකාරයක් නිසා උන්ට කුඩා සිදුරු තුලින් පහසුවෙන්ම රිංගා යාමේ හැකියාව පවතින බව ඔවුන් මේ තුළන් පැහැදිලි කරනවා. ඒ වගේම උන්ට විනාඩි 3ක් වැනි කාලයක් හුස්ම හිරකරගෙන ඉඳීමේ හැකියාවක් ද පවතිනවා.

බලන්නකෝ මියන්ගේ වැඩ. සිරා නේද ?

උපුටාගැනීම

log in

reset password

Back to
log in