බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස විසඳෙයි ද ?


බර්මියුඩා ත්‍රිකෝණය යන නම අහපු ගමන් ගොඩක් දෙනෙක් ගේ මතකයට නැගෙන්නේ තවමත් නොවිසඳුණු අභිරහසක් විදියටයි. අත්ලාන්තික් සාගරයේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතින බර්මියුඩා ත්‍රිකෝණය පිහිටා තිබෙන්නේ ෆ්ලොරීඩාවේ මයාමි, බර්මියුඩා සහ පියුටරිකෝ හි ශාන්ත ජුවාන් යන ප්‍රදේශ අතරයි. මේ මුහුදු ප්‍රදේශය කා අතරත් ජනප්‍රියත්වයට පත්ව තිබෙන ඒවාගේම විද්‍යාඥයන්ට පවා ප්‍රහේලිකාවක් වූ මාතෘකාවක් ලෙස සැලකෙන්නේ එහි සිදුවන කිසිමදෙයකට සිදුවුයේ කුමක් දැයි නිශ්චිතවම හඳුනාගැනීමට නොහැකි වන නිසා යි. මෙහි අතීතය වර්ෂ 1948 දක්වා කාලය වෙත දිව යනවා. ඒ ඇමෙරිකාවට අයත් ටෝපිඩෝ බෝම්බ හෙලන ගුවන් යානා 5ක් සහ ඒවාට සිදුවුයේ කුමක් දැයි පරික්ෂා කිරීමට යැවු තවත් ගුවන් යානයකට සිදුවුයේ කුමක් දැයි සොයාගැනීමට නොහැකිවීමේ සිදුවීමයි. එතැන් පටන් මේ දක්වා කාලය පුරාවට ගුවන් යානා 75කත ආසන්න ප්‍රමාණයක් වගේම සියගණන් නෞකා ද මේ ප්‍රදේශයේ දී මේ දක්වා කාලය පුරාවට අතුරුදහන් වී තිබෙනවා. මේවාට කුමක් සිදුවුයේ දැයි නිශ්චිත පිළිතුරක් ලබා දීමට පර්යේෂකයන් මේ දක්වා අපොහොසත්වී තිබෙනවා. අවසන් වරට මෙහි දී අතුරුදහන් වුයේ ඇමෙරිකාවට අයත් “El Faro” නෞකාවයි.

ඉතින් මේ දේවල් මේ විදියට සිද්ධ වෙද්දී කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමක් මේ ප්‍රදේශයේ චන්ද්‍රිකා ඡායාරූප පරික්ෂාවට ලක්කරා. ඒ අවස්ථාවේ ඔවුනට එක් සුවිශේශිතාවයක් දැකගැනීමට හැකි වුනා. ඒ තමයි මේ ප්‍රදේශයට ඉහල අහසේ තැනින් තැන අසාමාන්‍ය ෂඩාශ්‍රාකාර වලාකුළු රටා පිහිටා ඇති බව. මේ ගැන වැඩි දුර අදහස් දක්වන කාලගුණ විශේෂඥයන් පවසන්නේ මේ වලාකුළු වායු බෝම්බ ලෙස ක්‍රියාකල හැකි බවයි. ඔවුන් විශ්වාස කරන ආකාරයට මේ නිසා ඇතිවන විශාල වායු ධාරා මගින් මේ ප්‍රදේශයේ පැයට හැතැප්ම 170 ඉක්මවා යන සුළි කුනාටු ඇතිවනවා. ඒ වගේම අඩි 45ක් තරම් උස වූ විශාල රැලි නිර්මාණය කිරීමටත් හේතු වනවා.

මෙවැනි දරුණු කුණාටුවක් හරහා මේ දක්වා නිෂ්පාදනය කර ඇති කිසිඳු නෞකාවකට හෝ ගුවන් යානකට ගමන් කිරීමට නොහැකි බව තමයි දැනගන්න ලැබෙන්නේ.

වලාකුළු සාමාන්‍යයෙන් ඍජු රේඛා ආකාරයෙන් පෙළගැසෙන්නේ නැතිමුත් බර්මියුඩාවට ඉහල අහසේ ඇති වලාකුළු මෙයට අනුගත නොවන බවක් පෙන්වනවා. එම නිසා මේ ගැන වැඩිදුර පර්යේෂණ පැවැත්වීමට ඔවුන් අදහස් කරනවා.

උපුටාගැනීම

log in

reset password

Back to
log in