මෙන්න Galaxy S7 එක හඳුන්වලා දෙන්න කලින්ම එලියට ඇවිල්ලා !


Galaxy S7 කියන්නේ ගොඩක් දෙනෙක්ගේ අවදානය දිනාගෙන සිටින දුරකතනයක්. ඉතින් මේ දුරකථනය නිලවශයෙන් හඳුන්වා දෙන්නට තිබෙනේ තවත් දින කිහිපයක් පමණයි. Samsung සමාගම දැනුම් දෙන ආකාරයට ඔවුන්ගේ නවතම Galaxy S7 සහ Galaxy S7 Edge යන දුරකථන දෙකම මේ මස 21ක් වනදා එළිදැක්වීමට සියල්ල සුදානම් කරලා තියනවා. කොහොම හරි දුරකථනය එළිදැක්වීමට දින කිහිපයක් තිබියදී දුරකථනය දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට එක් වී තිබෙන ආකාරය දැකගන්න ලැබෙනවා. ඒ වගේම දුරකථනය පැහැදිලිව දැකගත හැකි ඡායාරූප පෙළක් ද අන්තර්ජාලයට එක වී තිබෙනවා.

මේ නව දුරකථනයේ Galaxy S6 දුරකතනයේ අඩුවක් ලෙස පැවති පහසුකම් කිහිපයක්ම දැකගැනීමට හැකිවන බවත් බොහෝ ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙනවා. ජලයට සහ දුහුවිල්ලට ඔරොත්තුදීමේ හැකියාව, Micro SD කාඩ් භාවිතා කිරීමේ පහසුකම මේ අතර වන බව දැනගන්නට ලැබෙනවා. ඒ වගේම මේ දුරකතනයත් ලෝහ සහ විදුරු නිමාකින් යුතු බවත් දැනගන්නට ලැබෙනවා.

ඒ වගේම දැනගන්නට ලැබෙන තොරතුරු වලට අනුව මේ දුරකතනය Android 6.0 Marshmallow මත ක්ර්යාකරන අතරම මෙගාපික්සල් 12ක පසුපස කැමරාවක්, සහ 2,800mAh ප්‍රමාණයේ බැටරියකින් ද සමන්විතයි. ඒ වගේම තවත් ලැබෙන ආරංචිමාර්ගයකින් සහ ඡායාරූප වලින් පෙනී යන්නේ මෙහි USB type-C තාක්ෂනය භාවිතා නොවන බවයි.

මේ දුරකථන දෙකම පීඩන සංවේදී තිරවලින් යුක්ත වන බවත් දැනගන්නට ලැබෙනවා. මාර්තු 11 වනදා මේ දුරකථන අලෙවි කිරීමට සමාගම සැලසුම් කරන බවත් පැවසෙනවා. අපි බලමු දුරකථනය ඇත්තමට මේ වගේ වෙයි ද කියලා.

උපුටාගැනීම

log in

reset password

Back to
log in