Samsung සමාගමේ Gear S2 ස්මාර්ට් ඔරලෝසුවට දැන් iOS සමඟ සම්බන්ධ වීමට පුළුවන්.


ලාස් වේගාස් හි පැවති CES 2016 සමුළුවේදී Samsung සමාගම පවසා සිටියේ ඔවුන්ගේ නවතම අත් ඔරලෝසුව වන Gear S2 සහ Gear S2 Classic ස්මාර්ට් ඔරලෝසු වලට iOS සමඟ ක්‍රියාකළ හැකි පහසුකම ලබා දෙන බවයි.

Samsung සමාගම මේ පහසුකම ඔවුන්ගේ ස්මාර්ට් ඔරලෝසු වලට ලබාදෙන්නේ මේ වසරේ කවර දිනයකදී ද යන වග නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නමුත් ඔවුන්ගේ සීග්‍ර ව්‍යාප්තියත් යාවත්කාලීන ක්‍රියාවලියත් නිසා මේ නව පහසුකම ඉක්මනින් ලැබෙයි කියල ගොඩක් දෙනෙක් අපේක්ෂා කරනවා.

Samsung සමාගමෙන් මෙවැනි ආරංචියක් ලැබුණත් Samsung සහ Apple සමාගම් දෙක අතර පවතින හිතමනාපකම් දෙස බලන කොට මේක ටිකක් පුදුමයටත් කාරණයක්. නමුත් ස්මාර්ට් ඔරලෝසු නිෂ්පාදනය කිරීමේදී Samsung සමාගම Microsoft සහ Google සමාගම් අනුගමනය කරන ආකාරයක් දක්නට ලැබෙනවා. ඔවුන් විසින් මෑතකදී හඳුන්වාදුන් අත් පළඳනා සියල්ල iOS සමඟ ක්‍රියාකළා.

කොහොමහරි Samsung සමාගම එළිදක්වපු Gear S2 ඔරලෝසුව ගොඩක් දෙනාගේ ඇගයීමට ලක්වුනා. එහි නිමාව , අතුරු මුහුණත වගේම බැටරියේ ආයුකාලයත් වැඩි නිසා එය හොඳ නිෂ්පාදනයක් ලෙස සැලකෙනවා. මෙය ඉතාමත් කාර්යක්ෂමව ක්‍රියාකර තවත් හේතුවක් ලෙස Samsung සමාගමේ Tizen පාලන පද්ධතිය හඳුන්වන්න පුළුවන්. මේ ඔරලෝසුව ඔබට Rose Gold වර්ණයෙන් ද ලබාගන්න පුළුවන්.

උපුටාගැනීම

log in

reset password

Back to
log in