ක්‍රෙඩිට් කාඩ් එකක් විතර පරිගණකයක් දැකලා තියනවා ද ? හඳුන්වාදෙන Raspberry Pi Zero


විවිධ මාදිලි වල පරිගණක ඔබ දැක ඇති. අතීතයේ පැවති පරිගණක කාමරයක් තරම් විශාල වූ බව ඔබ දැක ඇති. නැතිනම් අසා ඇති. නමුත් විද්‍යාවේ වූ දියුණුවත් සමඟ පරිගණක දිනෙන් දින ප්‍රමාණයෙන් කුඩාවෙමින් කාර්යක්ෂමතාවයෙන් ද වැඩි වන්නට විය. ඉතින් අපිට මේ වාර්තා වන්නේ එවැනිම නවීන පරිගණකයක් පිළිබඳවයි. මේ පරිගණකය ප්‍රමාණයෙන් කෙතරම් කුඩා ද හරියටම එය ක්‍රෙඩිට් කාඩ් එකක් විතර ඇති. මේ පරිගණකය හඳුන්වන්නේ Raspberry Pi Zero (රාස්ප්බේරි පයි) කියලයි. මෙහි පැරණි මාදිලි කිහිපයකුත් තිබිලා තියනවා. මෙය ලොකු කුඩා ඕනෑම කෙනෙකුට පරිගණකය ගැන ඉගෙන ගැනීමට අපුරු අවස්තාවක් ලබා දෙනවා. මෙය අලෙවි වන්නේ ද ඩොලර් 5ක් වැනි අපූරු මුදලකටයි. ඒ කියන්නේ මුදලින් රුපියල් 700ක් වගේ මුදලක්. මේ මුදලට ඔබට ලැබෙන්නේ 1GHz Broadcom BCM2835 CPU එකක් , 512MB LPDDR2 SDRAM එකක්, microSD කාඩ් රිඩරයක්, mini-HDMI port එකක් (with 1080p video output at 60 fps) සහ micro-USB socket කිහිපයක්. මෙය ක්‍රියාත්මක වන්නේ windows හෝ Mac වැනි පාලන පද්ධතියකින් නොව Raspbian OS නම් පාලන පද්ධතියෙන්. දැනට නිර්මාණය කර ඇති කුඩාම වර්ගයේ Raspberry Pi පරිගණකය ලෙස මෙය සැලකෙනවා. එය ප්‍රමාණයෙන් 65 x 30 x 5mm කි.

මේ වනවිටත් මේ වර්ගයේ පරිගණක දස දහස් ගණනක් නිර්මාණය කර තිබෙන අතර මෙහි ඇති ඉතාමත් ආකර්ශනිය මිල ගණන් හමුවේ මෙය කෙටි කාලයකින්ම අලෙවි වී අවසන් වනු ඇති බවට මේ සමාගම පවසනවා.

මේ පිළිබඳව තොරතුරු අන්තර්ගත දෙසැම්බර් මස MagPi සඟරාව මේ වන විට වෙළඳපොළට නිකුත් වී ඇති අතර ඒ සමඟ මේ අපූරු පරිගණකය ලබා ගැනීමේ හැකියාව ඔබට පවතිනවා.


MagPi

මේ කුඩා පරිගණකය පරිගණක Scratch සහ Python වැනි පරිගණක භාෂා ඉගෙනීමට යොදාගන්න පුළුවන්. මේ පරිගණකයට තිරයක්, යතුරුපුවරුවක්, මවුස් එකක් සම්බන්ධ කරලා වැඩ කරගන්න පුළුවන්.

උපුටාගැනීම

log in

reset password

Back to
log in