මෙන්න ඇඟ හිරිවැටිලා යන සිරා තැනක්.


මේ ඡායාරූප පෙළ දෙස මොහොතක් නරඹන්න. මේ ඡායාරූප ලබාගෙන තියෙන්නේ ඇමෙරිකාවේ සැන් ඩියෙගෝ ප්‍රදේශයේ පිහිටි අපූරු ස්ථානයක. ඔබට මෙහිදී දැකගැනීමට ලැබෙන ගල් පර්වතය හඳුන්වන්නේ Potato Chip Rock ලෙසයි. ඒ මොකද කියල ඔයගොල්ලොන්ටම පේනවා ඇති නේ. අලපෙත්තක් වගේ මේ ගල පිහිටලා තියන හින්දා තමයි ඒ නමින් හඳුන්වන්නේ. ලොව වටා සංචාරය කරන ත්‍රාසජනක අත්දැකීම් වලට කැමති පුද්ගලයන් මේ පර්වතයේ අන්තිම කෙළවරටම යන්නේ අපූරු ඡායාරූප ලබා ගැනීමටයි.

මෙතන ඉඳන් කට්ටිය එක එක වැඩ දැම්මට පොඩ්ඩක් එහා මෙහා වුනොත් මොනවා වෙයි ද ?

හැබැයි ඉතින් මේ ගල අඩි ගණනාවක් ඉහලින් තියනවා වගේ පෙනුනට පොළව මට්ටමේ ඉඳන් අඩි 10ක වගේ උසකින් තමයි පිහිටලා තියෙන්නේ. ඡායාරූප ලබාගන්න කෝණය මත තමයි මේ සියල්ල රඳා පවතින්නේ. සිරා නේද 😉 ?

log in

reset password

Back to
log in