Pokémon Go ක්‍රීඩකයන්ට නත්තල් තෑගී.


Pokémon Go කියන්නේ ලෝකය පුරාම උන්මාදයක් සේ පැතිර ගිය කා අතරත් ජනප්‍රිය වුනු ජංගම දුරකථන ක්‍රීඩාවක් බව ඔබ බොහෝ දෙනෙක් දන්නවා ඇති. Pokémon කියන්නේ ජපන් කාටුන් මාලාවක්. එහි සිටින විවිධ සතුන්ට ඇති සුවිශේෂී බලයන් සහ හැකියාවන් වගේම ඔවුන්ගේ හිමිකරුවන් සහ ලෝකයේ යහපැවැත්ම වටා ගෙතී ඇති මේ කතාමාලාවේ ක්‍රීඩාව කලකට පෙර game boy හරහා විඳගැනීමේ හැකියාව පැවතුනා. ඉන් අනතුරුව මේ ක්‍රීඩාව තරමක් දුරට අප අතරින් ඈත් වී යන්නන්ට වුනා. කෙසේ නමුත් මේ වසර මැද භාගයේ Nintendo සමාගම විසින් Pokémon Go ක්‍රීඩාව නවතම මුහුණුවරකින් හඳුන්වා දීමත් සමඟ මිලියන ගණනක් දෙනා මේ ක්‍රීඩාවට ඇලුම් කරන්න වුනා. කවදාවත් Pokémon ගැන අසා නොතිබුන පිරිස් පවා මේ ක්‍රීඩාව අත්හදා බලන්නට වුනේ එය අමුතුම ආකාරයේ ඇත දැකීමක් ක්‍රීඩකයන්ට ලබා දෙන නිසාමයි.

කොහොමහරි දැනගන්න ලැබෙන අලුත්ම තොරතුරු වලට අනුව මේ නත්තල් සමයේ ඔබට අපූරු ත්‍යාග ලබාදීමට Nintendo සමාගම සුදානම් වනවා. එළඹෙන 25 වනදා සිට ජනවාරි 3වන දා දක්වා කාලය තුල eggs හරහා ඔබට Togepi, Pichu සහ ක්‍රීඩාවට අලුතින් එක් වුනු Pokémon ලා ලැබීමේ වැඩි ඉඩකඩක් ලබාදීමට ඔවුන් සැරසෙනවා. ඒ වගේම නත්තල් සීයාගේ හිස්වැසුම පැළඳි Pikachu ලා ද ඔබට සුලබව හමුවනු ඇත. ඒ වගේම මේ බිත්තර වලින් අදාළ Pokémon ලා ලබා ගැනීමට incubators අවශ්‍ය නිසා ඒවා ද ඔබට PokéStop හරහා පහසුවෙන්ම ලබා ගැනීමට හැකි වනු ඇත.

ඒ විතරක්ම නෙමෙයි දෙසැම්බර් 30 වැනිදා ඉඳල ජනවාරි 8 වනදා දක්වා කාලය තුල ඔබට ලැබෙන ආරම්භක Pokémonලා වන Bulbasaur, Charmander සහ Squirtle ගේ විශාල ප්‍රමාණයේ evolved version ද වැඩිවශයෙන් හමු වන බව දැනගන්න ලැබෙනවා. ඒ වගේම Pokémon ලා ළඟටම ගෙන්වන lures විනාඩි 60ක් දක්වා ක්‍රියාත්මක වෙනවලු.

එහෙනම් හරි නේද ? නිවාඩු කාලේ හැමෝටම වැඩි වැඩියෙන් Pokémon ලා අල්ලගන්න ලැබේවා කියල අපි කියනවා.

උපුටාගැනීම

log in

reset password

Back to
log in