උතුරු ඇමෙරිකාවේ වයස්ගතම කළු රයිනෝ 45 වන උපන්දිනය සමරයි.


සැන් ෆ්‍රැන්සිස්කෝ සත්ව උද්‍යානයේ (San Francisco Zoo) ජිවත් වන එලි කියන ගැහැණු රයිනෝ තමයි උතුරු ඇමෙරිකාවේ ජිවත් වන වයස්ගත ම රයිනෝසිරස් විදියට සැලකෙන්නේ. මෙයාගේ උපන්දිනය හරියටම දන්නේ නැති වුනත් 1974 අප්‍රේල් මාසේ ඉඳන් මෙයා මේ සත්ව උද්‍යානයේ ජිවත් වෙනවා. මෙයාව හම්බුවෙලා තියෙන්නේ ඒ පැත්තේ කැලයකින්. ඉතින් මෙයාගේ 45ස් වන උපන්දිනය සමරන්න සත්තු වත්තේ කට්ටිය මෙයාට රසම රස ක් එකක් හදලා දුන්නා. ක් එක හදලා තිබ්බේ ඕට් සහ උක් පැණි වලින්.

එලි මේ වෙනකොට පැටව් 14ක් බිහි කරලා තියනවා. මේ වර්ගයේ කළු රයිනෝසිරස්ලා ඉතාමත් දරුණු ලෙස වඳවී යාමේ තර්ජනයට ලක්වෙලා ඉන්න සතුන් කොට්ටාශයක්. 1960 දශකයේ මේ වගේ රයිනෝලා 200,000ක් පමණ අප්‍රිකාව පුරා ජිවත් වුනා. නමුත් මේ වන විට ඔවුන්ගේ සංඛ්‍යාව 3000ත් 5000ත් අතර ප්‍රමාණයකට අඩුවෙලා තියනවා. ඒ ඔවුන්ව දඩයම් කිරීමත් උන්ගේ අං ලබා ගැනීම සඳහා මැරීමත් නිසාවෙන්. මේ සතුන්ගේ අං පාරම්පරික බෙහෙත් වර්ග සෑදීමටත් භාවිතා කරනවා. ඒ වගේම කිනිසි වල මිටවල් සඳහාත් භාවිතා කරනවා.

දෙවනියට වයසම කළු රයිනෝ ජිවත් වෙන්නේ ඇමෙරිකාවේ මියාමි (Miami) වල. උගේ වයස අවුරුදු 38ක්. මේ වගේ කළු රයිනෝලා 38ක් පමණ උතුරු ඇමෙරිකාවේ සත්ව උද්‍යාන තුල ජිවත් වෙනවා. කැලෑවෙදි මේ සතුන් ආහාරයට ගන්නේ පුංචි පඳුරු සහ කුඩා පැළෑටි වර්ග. නමුත් සත්තු වත්තේ දී නම් පළතුරු , පිදුරු වගේ කෑමත් මෙගොල්ලොන්ට හම්බුවෙනවා.

එලි නම් වැඩියෙන්ම කන්න ආස බීට් , ඉරිඟු වගේම කෙසෙල් ලු. මෙයාගේ බර රාත්තල් 2000ක් පමණ වෙනවා. ඒවගේම එයා නිදාගන්නේ පිදුරු ගොඩක් උඩ ලු.

මේ සතුන්ට වැඩිය දුර පෙන්නේ නැති වුනාට හොඳ ඉවක් තියනවා වගේම හොඳින් කන් ඇසෙනවා ලු. සාමාන්‍යයෙන් වනයේ ජිවත් වෙද්දී මේ අයගේ ආයු කාලය අවුරුදු 16ත් 20ත් අතර පවතිනවා.

උපුටාගැනීම

log in

reset password

Back to
log in