නත්තල් සීයාගේ කරත්තේ ඇඳගෙන යන්න රොබෝ පිනිමුවන් හදලා


Boston Dynamics කියන්නේ Google සමාගම යටතේ පවතින රොබෝ තාක්ෂනය සම්බන්ධයෙන් කටයුතු සිදුකෙරෙන සමාගමක්. මේ නත්තල් සමයේ ඔවුන් අපූරු නිර්මාණයක් සිදුකලා. නත්තල් සීයාගේ කරත්තය ඇදගෙන යන පිනිමුවන් ඔයගොල්ලොන්ට මතක ඇතිනේ. ඉතින් මේ පිනිමුවන් වෙනුවට ඔවුන් රොබෝ පිනිමුවන් නිර්මාණය කිරීමට කටයුතු කළා. හැබැයි පෙනුමෙන් නම් මේ යට ටිකක් තරහ ගිහින් වගේ නේ ද ?

ඔවුන් විසින් නිර්මාණය කල “spot” (ස්පොට්) නම් රොබෝවන් තුන්දෙනෙක් මේ සඳහා යොදා ගැනුණා.

වසර අවසන් වෙලා යන්න තව ඉතිරි වෙලා තියෙන්නේ බොහොම කෙටි කාලයයි. ඉතින් ගෙවුණු වසරේ කා අතරත් ජනප්‍රිය වුනු රොබෝ වීඩියෝවකුත් අපි ඔබට ගෙන එන්න සිතුවා. DARPA කියන්නේ ඇමෙරිකානු ආරක්ෂාව සම්බන්ධව පර්යේෂණ පවත්වන ආයතනයක්. (US Defense Advanced Research Projects Agency) ඔවුන් වාර්ෂිකව පවත්වන රොබෝ තරඟාවලිය අතරතුරදී තරඟයට සහභාගී වුනු රොබෝලාට විවිධ බාධක වලට මුහුණ දෙන්න සිදුවුණා. ඒ අතර ඇතැම් රොබෝලා හිටිහැටියේම ඇදගෙන වැටෙන්නත් පටන් ගත්තා. මේ ඒ වීඩියෝ පටය යි.

අපි දැන් මේ යට හිනා වේවි හිටියට කවද හරි දවසක මේ රොබෝලා අපේ ලෝකේ අල්ලගනී ද දන්නේ නෑ නේ ද?

උපුටාගැනීම

log in

reset password

Back to
log in