මාර්ක් සකර්බර්ග් ට හිමි Facebook කොටස් වලින් 99%ක් බෙදා දීමට සැරසෙයි.


මාර්ක් සකර්බර්ග් තමන් ආදරණිය පියෙකු බව ප්‍රසිද්ධියට පත්කරමින් සිය කුළුඳුල් දියණිය Max සහ තම ආදරණිය බිරිඳ වන ප්‍රිසිලා චෑන් සමඟ සිටින ඡායාරූපයක් Facebook වෙබ් අඩවියේ පළකර සිටියා. ඔවුන් සිය දියණිය ගැන ලොවටම කියාසිටි මේ මොහොතේ සකර්බර්ග් පවසා සිටියේ ඔහු සහ ඔහුගේ බිරිඳ Facebook වෙබ් අඩවියේ තමන්ට හිමි කොටස් වලින් 99%ක් ම බෙදා දීමට සැරසෙන බවයි. ඔවුන්ගේ මේ කොටස් වල වටිනාකම මුදලින් ඩොලර් බිලියන 45ක් බවයි. මේ මුදල් ප්‍රමාණය ඔවුන්ගේ ජිවිත කාලය පුරාවට අසරණයන් හට පිහිට වීමට යොදාගන්න බවට ඔවුන් පවසා සිටියා.

මෙසේ ධනය පරිත්‍යාග කරමින් මිනිසුන්ගේ හැකියා සහ දරුවන්ගේ ජිවන තත්වය හා සමානාත්මතාව වැඩිදියුණු කිරීමට කටයුතු කිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි. මේ ව්‍යාපෘතියේ මුලික අදියර වශයෙන් දරුවන්ගේ අධ්‍යාපනය, රෝග නිවාරණය, සහ මිනිසුන් අතර සම්බන්ධතා තර කිරීමට කටයුතු කිරීම සිදුකෙරෙනවා. මේ තොරතුරු සියල්ල ඔවුන් සිය දියණිය ගැන පවසන ලිපියේ සඳහන් ව තිබුනා.

මේ ගැන වැඩිවිස්තර ඉදිරියේදී දැනගන්නට ලැබේවි. මෙවැනි විශාල මුදල් ප්‍රමාණයක් වැය කිරීමෙන් ඔවුන්ගේ ඉදිරි අනාගතයට ඔවුන් මුහුණදෙන්නේ කුමන ආකාරයෙන්ද කියන පැනයටත් ඔවුන් ඉදිරියේ දී පිළිතුරක් ලබා දෙයි.

උපුටාගැනීම්


Like it? Share with your friends!

727SHARES
0

log in

reset password

Back to
log in