මුහුණේ කුහර 11ක් එක්ක ගිනස් පොතට ගිය පුද්ගලයෙක්


එක එක පිස්සු වැඩ කරන අය අපි අතර ඉන්නවනේ. මේ ඉන්නෙත් ඒ වගේ එක්කෙනෙක්. මෙයා ජිවත් වෙන්නේ ජර්මනියේ. එයාගේ නම ජොයෙල් මිග්ලර් (Joel Miggler). මෙයාව බැලූ බැල්මටම පේනවනේ මෙයා අනිත් අයට වඩා ටිකක් වෙනස් කියලා. මෙයාගේ මුහුණේ සම විනිවිද යන ආකාරයේ සිදුරු (flesh tunnels) කිහිපයක් ම තියනවා කියලා ඔයගොල්ලොන්ට පේනවා ඇති නේ.

වයස අවුරුදු 13 ඉඳලා මෙයා මේ වගේ වැඩ වලට ලොකු ආසාවක් දක්වනවා ලු. දැන් මෙයාගේ වයස අවුරුදු 22ක්. වයස අවුරුදු 13 දී කන විදලා තමයි මෙයා මේ වැඩේ පටන් අරං තියෙන්නේ. මෙයාගේ මුහුණ පුරාම එක එක විදියේ කුහර තියනවා. ඒවා ආවරණය කරගෙන තමයි මෙයා ඉන්නේ. මෙයාගේ නහය දෙපැත්තේ ත් කුහර තියනවා. මේ කුහර අතරින් විශාලම කුහර තියෙන්නේ එයාගේ කම්මුල් දෙපැත්තේ. ඒවා මිලිමීටර 34ක් දක්වා පරාසයකට විහිදෙනවා. මෙයාගේ හිතේ තියෙන්නේ මේවා මිලිමීටර 40ක් දක්වා පුළුල් කරගන්න ලු.

ජොයෙල් කියන විදියට මේවගේ සිදුරක් හැදුවම ඒක සනීප වෙන්න සතියක් විතර යනවා කියලා. ඒ වේදනාකාරී සතිය ගෙවිලා ගියාට පස්සේ මෙයා සිහින දකින්නේ ඊළඟ කුහරය කොතනින් හදනවා ද කියන එකයි ! ශරීරය මේ විදියට වෙනස් කරගන්න එකට එයා ඇබ්බැහි වෙලා කියලා තමයි කියන්නේ. මේ දේවල් මේ විදියට කරන්න එයාට උදව් වෙන මේ ගැන හොඳින් දන්නා ප්‍රවීනයෙකු ගේ සහායත් මෙයාට ලැබෙනවා ලු.

ඉදිරියේදී මෙයාගේ ඇස් වල වෙනස්කමක් සිදුකරගන්නත් මෙයා අපේක්ෂා කරනවා ලු. කොහොමහරි සජීවී සිදුරු 11ක් එක්ක මෙයා ගිනස් ලෝක වාර්තා පොතට ඇතුළු වෙනවා.

උපුටාගැනීම

log in

reset password

Back to
log in