දශක ගණනාවකට පසු සොයා ගැනුණු අපූරු කෘමියා.


මේ පෙනෙන්නේ වසර මිලියන 7කට පමණ පෙර මුහුදින් මතු වී ඇති Ball’s Pyramid නමින් හැඳින්වෙන පැරණි ගිනිකන්දක්. මේ ස්ථානයේ ඇති විශේෂත්වය කුමක් ද ? මේ කන්දේ මුහුදු මට්ටමේ සිට අඩි 225ක් පමණ ඉහලින් ඇති ගල් තැන්න මත තිබෙන පඳුරක් අසලින් මේ කන්ද තරණය කල දෙදෙනෙකුට අපූරු දෙයක් හමුවුණා. නමුත් ඒ හමුවුණු දේ මේලෝකයේ තවදුරටත් තිබිය නොහැකි දෙයක් නිසා මේ ගැන විශේෂ අවධානයක් යොමුවෙනවා.

අපි දැන් මේ ගැන වැඩිදුර තොරතුරු දැනගමු. මේ කන්දේ සිට හැතැප්ම 13කට පමණ එපිටින් වන ලෝඩ් හොවේ දුපත විශාල දුපතක්. මේ දුපත ප්‍රසිද්ධියට පත්ව තිබුනේ එහි ජිවත් වුනු යෝධ දණ්ඩාකාර කෘමි විශේෂයක් නිසා. මේ කෘමි විශේෂය විශාල නිසාම යුරෝපිය ජාතිකයන් මේ සතාව හැඳින්වුයේ ගස් පොකිරිස්සෙක් ලෙසටයි. (tree lobster) මේ සතා ඇතැම් විට මිනිසෙකුගේ අත්ලක් තරම් විශාලයි. සෙන්ටිමීටර 12ක් පමණ දිග වන මේ සතා ලෝකයේ බරම පියඹා නොයන කූරා ලෙසටත් පිළිගැනෙනවා.

1918 දී මේ දුපත ආශ්‍රිතව සිදුවූ නැව් අනතුරක් නිසා මේ නැවේ සිටි මියන් දූපත දෙසට පලා යන්නට විය. මේ හේතුව නිසා දූපතේ ජිවත් වුනු කෘමි ගහනය දිනෙන් දිනම අඩු වන්නට විය. 1920 වසර වන විට මේ වර්ගයට අයත් එකඳු කෘමියකු හෝ දැකබලා ගැනීම අපහසු විය. 1960 වසර වන විට මේ සත්වයා වඳවී ගොස් ඇති සත්වයකු ලෙස සලකන්නට විය. Dryococelus australis යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන මේ සත්වයා වඳවී ඇති බවට පිළිගැනුනත් එය නිල වශයෙන් වාර්තා අතරට ඇතුළත් කිරීමක් සිදු නොවීමත් විශේෂත්වයක්.

කෙසේ නමුත් මෑතකදී David Priddel සහ Nicholas Charlie යන ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යාඥයන් දෙදෙනා තීරණය කලේ යලිත් වරක් මේ Ball Pyramid කන්ද දෙසට පැමිණ මෙහි ඉතිරිව ඇති සතුන් පිළිබඳව නිරීක්ෂණය කිරීමටයි. ඔවුන් දෙදෙනා මේ ස්ථානයට බෝට්ටුවකින් පැමිණ අඩි 500ක් පමණ ඉහලට තරණය කරමින් මේ ප්‍රදේශය අධ්‍යනය කලත් ඔවුන්ට සොයාගැනීමට හැකිවුණේ රැහැයියන් කිහිපයක් පමණයි. බලාපොරොත්තු රහිතව කන්ද බසින ඔවුන්ගේ නෙත් ඇදිගියේ විශාල කෘමියකු විසින් බැහැර ලද අශුචි ගොඩකටයි. පසුව ඔවුන් තීරණය කලේ මේ ස්ථානය රාත්ර් කාලයේ නිරීක්ෂණය කල යුතු බවයි. කළුවරේම මෙතනට පැමිණි ඔවුන්ට දැකගත හැකිවූයේ අපූරු දසුනකි.

වඳවී ගිය යෝධ කෘමි විශේෂය තවමත් මෙහි ජිවත් වෙනවා. දැන් ඔවුන් මේ සතුන් සංරක්ෂණය සඳහා කටයුතු කරනවා.

උපුටාගැනීම

log in

reset password

Back to
log in