ශීත රටවල් වල හිම බැඳුණු වීදුරු වලින් හිම ඉවත් කරගන්න ලේසිම ක්‍රමයක්.


හිම වැටෙන එක ලංකාවේ ජිවත් වෙන බොහෝදෙනෙක්ට අලුත් අත්දැකීමක් වුනාට ශීත රටවල් වල ජිවත් වෙන ගොඩක් අයටනම් එතරම් සුන්දර අත්දැකීමක් නෙමෙයි. රුපවාහිනියේ හෝ චිත්‍රපටවල හිම වැටෙන හැටි දැක්කම ඒ හිම ගොඩේ අපිටත් ඉන්න ලැබෙනවා නම් කියලා හිතන ගොඩක් දෙනෙකුත් අපි අතරේ ඉන්නවා. කොහොම හරි හිම වැටෙන කාලෙට ගොඩක් රටවල් වල මිනිසුන්ගේ ජිවිත වල එදිනෙදා වැඩකටයුතු කරගැනීමට නොයෙක් බාධා පැමිණෙනවා. ඔවුන්ගේ ගෙවල් දොරවල් හිමෙන් වැහිලා යනවා පාරවල් වාහන මේ හැමදෙයක්ම හිමෙන් වැහිලා යනවා. වාහන වල විදුරු වල හිම බැඳෙන එක එහෙමත් නැතිනම් අයිස් මිදෙන එක තවත් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නය පහසුවෙන්ම මගහරවා ගන්නා ආකාරය ගැන තමයි අපි මේ කියන්න යන්නේ.

සාමාන්‍යයෙන් වාහනයක විදුරුවක අයිස් මිදුනම එය ඉවත් කරගන්නේ වාහනයේ හීටරය ආධාරයෙන්. එහෙමත් නැතිනම් අයිස් ටික හූරල ඉවත් කරලා. මේ දේවල් කරන්න යම් කිසි කාලයක් ගතවෙනවා. මේ සඳහා විද්‍යාත්මක විසඳුමක් තමයි මේ තියෙන්නේ.

මේ සඳහා කලයුතු වන්නේ ද්‍රාවණයක් සාදා ගැනීමයි. ද්‍රාවණය සඳහා වතුර 1/3 කුත් , සනීපාරක්ෂක මධ්‍යසාර (rubbing alcohol/ ethyl alcohol or isopropyl alcohol) 2/3 ක් අවශ්‍ය වේ. මේ ද්‍රවණය සාදා හොඳින් කලවම් කරගෙන එය වීදුරුව මතට ඉසීමෙන් පහසුවෙන්ම හිම දියවී යන ආකාරය අපිට දැකගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මධ්‍යසාර වල හිමාංකය -89°C. මේ නිසා එය ද්‍රවයක් ලෙස පවතිනවා. එමෙන්ම එය ජලය සමඟ එක කිරීමෙන් ජලයේ හිමාංකය ද පහල යනවා. මේනිසා මිදුණු අයිස් ඉවත් කරගැනීම පහසුවෙන් කළහැකි වෙනවා.

ඔබටත් මේ පරීක්ෂණය නිවසේදී අත්හදා බලන්න පුළුවන්. හිම වැටෙන රටවල් වල ඉන්න හිතමිතුරන්ගෙනුත් මේ ගැන අහලා බලන්න.

උපුටාගැනීම

log in

reset password

Back to
log in