ලෝක ප්‍රකට මොනාලීසා සිතුවමේ සැඟවුණු පැරණි සිතුවම්


ලියනාඩෝ ඩාවින්චි නම් ඉතාලි ජාතික නිර්මාණශිල්පියා අතින් නිම කෙරුණු බවට සැලකෙන මොනාලීසා සිතුවම බොහෝ දෙනා අතර අවධානය දිනාගත් සිතුවමක්. මේ සිතුවම පිළිබඳව නොයෙකුත් සැඟවුණු කතා ගැන අපිට විටින් විට අහන්න ලැබෙනවා. මේ පිළිබඳව ගැඹුරු අධ්‍යනයක නිරත වූ ප්‍රංශ ජාතික මහාචාර්යවරයෙක් අපූරු සොයාගැනීමක් කළා.

ඔහු නවීන ආලෝක තාක්ෂණයක් භාවිතයෙන් සොයාගත්තේ අපි අද දකින මොනාලිසාගේ සිතුවමට යටින් එවැනිම සිතුවම් දෙකක් පැවති ඇති බවයි. මෙය ඔහු පරිගණක ආශ්‍රයෙන් ඩිගිටල් තාක්ෂණයේ උපකාර ද සහිතව නැවත ප්‍රතිනිර්මාණය කටයුතු කර තිබෙනවා. මේ ගැන පසුගිය අඟහරුවාදා චීනයේ ශැන්(ග්)හායි නුවර පැවති මාධ්‍ය හමුවක දී අනාවරණය කළා. මේ ගැන අදහස් දක්වා සිටි පැස්කල් කොට් (Pascal Cotte) දෂකයකට ආසන්න කාලයක් මේ නිර්මාණය පිළිබඳව අධ්‍යනය කර තිබෙනවා. ඔහු පවසන ආකාරයට බහු කාච කැමරාවක් උපයෝගී කරගෙන වැඩි ආලෝකයක් යටතේ ලබාගත් ඡායාරූප පෙළක් මගින් ඔහු මේ සොයාගැනීම කර තිබෙනවා.


Pascal Cotte (Credit: BBC/Brinkworth Films)

ඔහු පවසන අන්දමට මේ සිතුවමේ තිබෙන කාන්තා රූපයට යටින් මෙවැනිම රූප දෙකක් තිබී ඇති බව‍ට සලකුණු හමුවනවා. එම පැරණි කාන්තා රූපයේ දෑස් දැන් ඇති ඡායාරූපයේ මෙන් සෘජුව ඔබ දෙස බලා නොසිටින අතර එම කාන්තා රුපයේ දැන් ඇති රුපයේ මෙන් සිනාසෙන බවක් ද දක්නට නොලැබෙන බව ඔහු පවසනවා.

මේ නව සොයාගැනීමත් සමඟ වසර ගණනාවක් පුරා පැවති මත බැහැර කිරීමට සිදුවන්නේ දැයි ද ගැටළුවක් පැනනගිනවා. මේ සිතුවම පිළිගැනෙන්නේ Florentine හි සේද සළු වෙළෙන්දෙකුගේ බිරිඳක් වූ Lisa Gheradini ගේ රුව බවයි.

ඉතිහාසඥයන් මේ නව සොයාගැනීම පිළිබඳව තවමත් කුතුහලයෙන් පසුවන බව දැනගන්නට ලැබෙනවා. මෙය සත්‍යනම් මේ රූපය වෙනත් කාන්තාවකගේ රුවක් විය හැක.

උපුටාගැනීම

log in

reset password

Back to
log in