ඔබත් ප්‍රතිජිවක ඖෂධ භාවිතා පුද්ගලයෙක් ද ? එසේනම් මේ අලුත්ම විද්‍යුත් ප්‍රතිකාර ක්‍රමය ඔබටමයි.


සියවස් ගණනාවක සිටම වෛද්‍යවරුන් ආසාදනය වූ තුවාල ආදියට විද්‍යුත් ක්‍රම මගින් ප්‍රතිකාර කිරීමට වෑයම් ප්‍රතිකාර සමහර අවස්ථා වලදී තරමක් සාර්ථක ප්‍රතිපල පෙන්වූ අවස්ථා ද නැතුවාම නොවෙයි. වොෂින්ග්ටන් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් කල පර්යේෂණයකින් ඔවුන් මේ ප්‍රතිකාර ක්‍රමය සාර්ථක ලෙස කිරීමේ ආකාරයක් සොයාගෙන තිබෙනවා.

මේ පර්යේෂණයේ දී විද්‍යුත් ධාරාවක් බැක්ටීරියා පටලයක් හරහා යැවීම සිදුවී තිබේ. පැය 24ක කාලයක් ඇතුලත බැක්ටීරියා ප්‍රමාණය 1/10,000 දක්වා පහත වැටෙන ආකාරයක් ඔවුනට නිරීක්ෂණය වී තිබෙනවා. ඒ වගේම මෙහිදී ඖෂධ වලින් පාලනය කිරීමට අපහසු බැක්ටීරියා වර්ග පවා විනාශ වීම සිද්ධවෙලා තියනවා. මෙසේ විද්‍යුත් ධාරාවක් යැවීමේදී සිදුවන කිසියම් විද්‍යුත් රසායනික ප්‍රතික්‍රියාවක් නිසා අපගේ තුල හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් නිෂ්පාදනය වී තිබෙනවා. මෙය විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කරන නිසා මේ තත්වය ඇති වී තිබෙනවා. මේ පරීක්ෂණය ඌරන් යොදා ගෙනද සිදු කර ඇති අතර එහිදී පෙනී ගොස් ඇත්තේ මේ නව ප්‍රතිකාර ක්‍රමය අවට පටක වලට හානියක් සිදු නොකර බැක්ටීරියා ඉවත් කිරීම සඳහා යොදාගත හැකි බවයි.

මේ පරීක්ෂණයේ සාර්ථකත්වයට බෙහෙවින් බලපෑවේ මෙය අනෙක් පර්යේෂණ වලදී මෙන් නොව විද්‍යුත් රසායනික ප්‍රතික්‍රියා නියමිත ආකාරයෙන් පාලනය කිරීම බව පර්යේෂණ කණ්ඩායම පවසා සිටියා. මේ සඳහා ඔවුන් කාබන් ෆයිබර් වලින් නිර්මාණය කල විශේෂ මාධ්‍යයක් ද යොදා ගත්තා. එමගින් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සාන්ද්‍රණය නියතව හැකියාව පවතිනවා. මේ සඳහා පේටන්ට් බලප්‍රතය ලබාගැනීමට ඔවුන් කටයුතු කරමින් සිටින අතර පර්යේෂණ තවදුරටත් කරගෙන යාමටත් අපේක්ෂා කරන බවත් පවසා සිටියා.

උපුටාගැනීම

log in

reset password

Back to
log in