ජපානය ආශ්‍රිත මුහුදේ දී යෝධ දැල්ලෙක් කැමරාවට හසුවුණු හැටි.


සාමාන්‍යයෙන් යෝධ දැල්ලන් ජිවත් වන්නේ ගැඹුරු මුහුද ආශ්‍රිතවයි. කෙසේ නමුත් මෙවැනි යෝධ දැල්ලෙක් පසුගිය නත්තල් සතියේ දී මුහුද මතුපිට ට ආසන්නව පිහිනා යන ආකාරය නෙතගැටි තිබුනා. මේ අපූරු දසුන් තිබුනේ ඉකුත් 24වන දායි. ඒ ජපානයේ බටහිර වෙරළට ආසන්න ටෝයාමා බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේයි. මේ සත්වයා තවමත් කුඩා එසේත් නැතිනම් තරුණ අවධියේ පසුවන බවට සැලකෙනවා. උගේ දිග මීටර 3.7ක් පමණ වූ අතර හොඳින් වැඩුණු සත්වයෙක් මීටර 13ක් එනම් අඩි 43ක් තරම් විශාල වන බවටත් සැලකෙනවා.

පහත දැක්වෙන වීඩියෝ පටයේ මේ සත්වයා අසලින්ම ගමන් ගන්නා කිමිදුම් උපකරණ අලෙවි සැලක හිමිකරුවකු වන අකිනොබු කියුමාරා මහතා පුළුවන්.

මේ ගැන වැඩිදුර අදහස් දක්වමින් ඔහු මෙසේ පවසා සිටියා.

” මේ සත්වයා කිසිඳු රෝගී තත්වයකින් තොරව නිරෝගිව සිටින බව පෙනුනා. ඌ තීන්ත විදිමින් උගේ අඬු මා වටාත් යැවීමට සැරසුණා. මම ඌව මුහුද දෙසට අරගෙන යන්න උත්සාහ කළා. ටිකක් දුර යද්දී ඌ ගැඹුරු මුහුදේ නොපෙනී ගියා ”

මේ සත්වයා ටෝයාමා බොක්ක දෙසට පැමිණියේ කවර හේතුවක් නිසා දැයි පැවසීමට අපහසුයි. නමුත් විද්‍යාඥයන් පවා මේ සතුන්ගේ හැසිරීම පිළිබඳව එතරම් තොරතුරු දන්නේ නෑ. මෙවැනි දැවැන්ත දැල්ලෙක් ප්‍රථම වතාවට කැමරාවක සටහන් වුනේ 2012 වසරේදී යි.

උපුටාගැනීම

log in

reset password

Back to
log in