SAMSUNG සමාගම සිය නවතම ජංගම දුරකථන නිලවශයෙන් නිකුත් කරයි.


Samsung Galaxy දුරකථන පෙළ ලොවපුරා බොහෝ ජංගම දුරකථන ලෝලීන් ගේ ආදරය දිනාගෙන තිබෙන්නේ උසස් ගණයේ එහෙමත් නැතිනම් සමාගමේ ප්‍රමුඛ පෙළේ දුරකතනයක් ලෙසටයි. පසුගිය සතියේ Galaxy දුරකථන පිළිබඳව උණුසුම ඉහලගියේ සමාගමේ නවතම දුරකථන දෙක වන Galaxy S7 සහ S7 Edge කියන දුරකථන දෙක එළිදැක්වීමට නියමිතව තිබුණු නිසයි. මේ දුරකථන දෙක පසුගිය 23 වැනිදා ස්පාඤ්ඤ පැවති MWC උළෙලේදී එළිදක්වනු ලැබුවා. මේ දුරකථන දෙක බොහෝ දෙනෙක්ගේ අවධානය වගේම ආදරයත් දිනාගන්නට සමත්වුණා.

මෙහි නව පහසුකමක් වන තිරයේ දිගටම ක්‍රියාකරන ඔරලෝසුවත් ප්‍රයෝජනවත් පහසුකමක් ලෙස සලකන්න පුළුවන්.
මේ නවතම Galaxy දුරකථන දෙක පසුගිය වසරේ නිකුත් වුනු Galaxy S6 සහ S6 Edge දුරකථන වලට බොහෝ සෙයින් සමානයි. නමුත් එහි අභ්‍යන්තරය මෙන්ම භාහිර පෙනුමත් වෙනස් කර තිබුනේ පසුගිය වසරේ S6 දුරකතනයේ අඩුපාඩු සේ සැලකුණු බොහෝ දෑ නිවැරදි කරමින්.

මේ නව S7 දුරකතනයේ අඟල් 5.1” තිරයක් තිබෙන අතර S7 Edge දුරකතනයේ අඟල් 5.5” ක තිරයක් තිබෙනවා. මේ තිර 2,560 x 1,440 තීව්‍රතාවයක් සහිත Super AMOLED තිර වනවා. ඒවගේම මේ නව දුරකථන දෙකම ජලයට සහ දුහුවිල්ලට ඔරොත්තු දෙන ආකාරයෙන් නිමවා තිබෙනවා. Snapdragon 820 හෝ Samsung සමාගමේ Exynos 8890 ප්‍රොසෙසරයකින් බලගැන්වෙන මේ දුරකථන දෙකෙහිම 4GB LPDDR4 RAM අන්තර්ගත වනවා. ඒ වගේම පසුගිය වතාවේ පාරිභෝගිකයන් බොහෝදෙනෙක් ඉල්ලා සිටි MicroSD කාඩ් කිරීමේ පහසුකම මෙවර දුරකථන සමඟ තිබෙනවා. බැටරියේ ප්‍රමාණය 3,000mAh සහ 3,600mAh වනවා. ඒ වගේම Wireless Charging පහසුකමත් මෙහි පවතිනවා. Fingerprint ස්කෑනරය සුපුරුදු පරිදි Home button එකට අන්තර්ගත කොට තිබෙනවා. ඒවාගේම මේ දුරකතනයේ නවතම අංගයක් වන්නේ එහි වැඩිදියුණු කල කැමරාවයි. පසුගියවර මෙගාපික්සල් 16 වුණු පසුපස කැමරාව මෙවර මෙගාපික්සල් 12ක් දක්වා අඩුකර තිබුනත් මෙහි ඡායාරූප ලබාගැනීමේ හැකියාව බොහෝසේ වැඩිදියුණු කර තිබෙනවා. කැමරාව පසුපසට නෙරා ඒමත් හැකිතාක් දුරකට අවම කර තිබෙනවා. ඒ වගේම අඩු ආලෝක තත්ත්ව යටතේ වඩා පැහැදිලි ඡායරූප ලබාගැනීමේ හැකියාව මෙයට පවතිනවා.

මෙහි තවත් නවතම පහසුකම් කිහිපයක්ම අන්තර්ගත වෙනවා. මේ දුරකථනය මේ වන විටත් පූර්ව අලෙවියට සූදානම් අතර එළඹෙන මාර්තු මාසයේ මෙහි අලෙවිය ආරම්භ වනවා.

උපුටාගැනීම

log in

reset password

Back to
log in