Galaxy Note 7 ආයුෂ ඉවරයි!


rip-galaxy-note-7

අධික රත් වීමකට ලක්වන බැටරිය පිළිබඳව මසකට ආසන්න කාලයක් පුරා ඇදී ගිය සංවාදයෙන් අනතුරුව Galaxy Note 7 ජංගම දුරකථන නිෂ්පාදනය නවතා දැමීමට Samsung සමාගම තීරණය කර ඇත. පාරිභෝගිකයන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදෙමින් Galaxy Note 7 දුරකථන අලෙවිය හා නිෂ්පාදනය නවතා දැමීමට තීරණය කළ බව සමාගම විසින් කළ නිවේදනයේ සඳහන් කර ඇත. මෙම තීරණය ගනු ලැබුවේ සියලු Galaxy Note 7 දුරකථන නැවත කැඳවීමට Samsung සමාගම ඊට පෙර දිනයේ ගත් තීරණයෙන් අනතුරුවයි.

galaxy-note-7-16-1-1440x960-800x533-1

Galaxy Note 7 දුරකථනය නිකුත් කිරීමෙන් අනතුරුව පසුගිය සතිය තුළ අවම වශයෙන් දුරකතන 5ක් වත් ගිනි ගැනීමට ලක්විය. “දුරකථන අලෙවිය නවතා දැමීමට ගත් තීරණය Samsung සමාගම විසින් ගන්නා ලද නිවැරදි තීරණයක්” ඇමරිකානු පාරිභෝගික සුරක්ෂිතතා අධිකාරියේ සභාපති එලියට් කායේ පවසයි.
Galaxy Note 7 දුරකථන භාවිතා කරන සියලු පාරිභෝකියන්ට වහාම සිය දුරකථන ක්‍රියා විරහිත කර ඒවා මිලදී ගත් ස්ථාන වලට නැවත භාරදෙන ලෙස Samsung සමාගම දැනුම් දෙයි. සියලු Galaxy Note 7 දුරකථන සඳහා Samsung සමාගමේ හෝ වෙනත් නිෂ්පාදකයෙකුගේ දුරකතනයක් හුවමාරු කරගත හැකි බව දුරකතන සේවා සපයන සමාගම් පවසයි.
ධනාත්මක ප්‍රතිචාර මැද අගෝස්තු මසදී එළිදැක්වූ Galaxy Note 7 දුරකථනය, මසක් ඉක්මයාමටත් ප්‍රථම එහි ගිනිගන්නාසුළු බැටරිය නිසා බොහෝ දෙනාගේ දෝෂ දර්ශනයට ලක්විය. මේ හේතුවෙන් පළමු කාණ්ඩයේ දුරකථන සැප්තැම්බර් 2වෙනිදා නැවත කැඳවා නව දුරකථන පෙළක් නිකුත් කළද ඒවාද ගිනිගන්නාසුළු විය.
කෙසේ වුවත් මෙම දෝෂයට හේතුව සොයාගැනීමට Samsung සමාගම මෙන්ම සමස්ත ජංගම දුරකථන කර්මාන්තයම උත්සුක වෙමින් සිටියි. බොහෝදුරට මීට හේතුව මේ වසරේ නිකුත්වූ iPhone 7 පැරද වීමට කොරියානු සමාගමට තිබු අභිප්‍රාය විය හැකි බවට මත පලකෙරේ. අද දිනයේදී Samsung සමාගමේ කොටස් 8%කින් පහල ගිය අතර එය දශකයකින් පමණ සමාගමේ සිදුවූ දරුණුම දිනක කොටස් අගයේ අවපාතයයි. මෙම තීරණය හේතුවෙන් Samsung සමාගමට ඩොලර් බිලියන 17ක පමණ අලාභයක් සිදුවනු ඇති බවට ගණන් බලා ඇත.

උපුටා ගැනීම

log in

reset password

Back to
log in