අඩු වයසින් මෙලොවින් සමුගැනීමට සිදුවුණු ප්‍රසිද්ධ සිනමා තරු


සිනමා පට නැරඹීමට බොහෝ දෙනෙක් කැමැත්තක් දක්වන්නේ ඇතැම් විට එහි කතා මාලාවටත් වඩා එහි චරිත රඟපාන වල නළු නිළියන්ට ඇති කැමැත්ත නිසා වන අවස්ථා අපිට හමුවනවා. කෙසේ නමුත් අපි කාටත් මරණයෙන් ගැලවී යාමට බැරි බව ඔබ දන්නවා. මේ ධර්මතාවය ඔබටත් මටත් මේ ලෝකයේ ජිවත් වන සෑම සියලු දෙනාටමත් පොදුයි. ඉතින් අපි කැමති සෑම සියලු දෙනාටම පොදු මරණය නොයෙක් පුද්ගලයන් වෙත නොයෙක් අවස්ථා වලදී පැමිණෙනවා. ඇතැම් විට අකාලයේ මියයාමට වුවත් සිද්ධ වෙනවා. එසේ අවාසනාවන්ත ලෙස මියයාමට සිදු වූ ලෝකයම ආදරය කල සිනමා තරු කිහිපයක් මේ ලිපියේ දැක්වෙනවා.

James Dean (1931-1955)

මෙයාව නම් දැකලා පුරුදු නැතිවත් ඇති. නමුත් මොහු 50 දශකයේ සිටි ජනප්‍රිය දක්ෂ තරුණ නළුවෙක්. වයස අවුරුදු 24දී රථවාහන අනතුරකින් ඔහු මිය යනවා.

Bruce Lee (1940-1973)



බෘස්ලි ගැන ඕගොල්ලෝ හැමෝම වගේ අහලා ඇතිනේ. ඔහු දක්ෂ සටන් නළුවෙක්. ඔහුගේ සටන් කිරීමේ හැකියාව ඔහු රඟපෑ Fist of Fury, Enter the Dragon, සහ Way of the Dragon වැනි චිත්‍ර පට වලින් ඔබට දැකගන්න පුළුවන්. ඔහුට වයස අවුරුදු 32දී මියයාමට සිදුවන්නේ මොලයේ ඇති වූ ඉදිමීමක් හේතුවෙන්. (cerebral edema)

Marilyn Monroe (1926-1962)



ලෝකයේ ජිවත් වී සිටි ඉතාමත් සරාගී නිළියන්ගෙන් අයෙක් යැයි පැවසුවොත් නිවැරදියි. Gentlemen Prefer Blondes, The Seven Year Itch, සහ Some Like it Hot යනු ඇය රංගනයෙන් දායක වී ඉතා ප්‍රසිද්ධ වූ චිත්‍රපට කිහිපයක්. වයස අවුරුදු 36 දී මියයන්නේ ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගතවීම නිසා.

Heath Ledger (1979-2008)



මොහු ඔබ දැක ඇති නළුවෙකු විය හැකියි. Batman Dark Knight චිත්‍රපටයේ ජෝකර් ගේ චරිතයටත් පණපෙව්වේ මොහුයි. ඔහු වයස අවුරුදු 28 දී මියයන්නේ ඖෂධ විෂ වීමකින්.

Phillip Seymour Hoffman (1967-2014)


Charlie Wilson’s War, Doubt, The Master, සහ The Hunger Games යන චිත්‍ර පටවලටත් මොහු රංගනයෙන් දායක වී තිබේ. prestigious Academy Awards සම්මාන උළෙලේ දී හොඳම නළුවාට හිමි සම්මානයත් දිනාගෙන තිබේ. heroin, cocaine, benzodiazepines සහ amphetamine යන ඖෂධ විෂවීමකින් මියගියා.

Brittany Murphy (1977-2009)



32 හැවිරිදි මේ සුරූපී තරුණිය ජිවිතයෙන් අවාසනාවන්ත ලෙස සමුගන්නේ නියුමෝනියාව වැළඳීම හේතුවෙන්.

Jean Harlow (1911-1937)


මේ සරාගී නිළිය හැඳින්වුණේ “platinum blonde” සහ “blonde bombshell’ යන අනුවර්ත නාමයන්ගෙන්. 1930 කාලයේ ඉතාමත් ජනප්‍රියත්වයට පත්වුණා. ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට අතර Hell’s Angels, Red Dust, සහ Suzy වනවා. වයස 26 දී මොලයේ ආසාදන තත්වයකින් මියයනවා. (cerebral edema)

Paul Walker (1973-2013)


අප අතරින් මෑතකදී වෙන් වූ සුපිරි Fast and Furious තරුව පෝල් වෝකර්. මෝටර් රථ අනතුරකින් මිය යනවිට ඔහුට වයස අවුරුදු 40 ක් වුණා.

මේ නළු නිළියන් අතරට මේ නළු නිලියන් ද අයිති වෙන බව මතක් කරන්න කැමතියි.
Judy Garland
Andy Kaufman
Cory Monteith
Natalie Wood
Sal Mineo
Brad Renfro
Tupac ShakurJayne Mansfield
Gida Radner
Whitney Houston
Elvis Presley
Phil Hartman

උපුටාගැනීම

log in

reset password

Back to
log in