Dell සමාගම තම සමාගමේ හොඳම Windows ලැප්ටොප් එකට නව රන් පැහැයක් ලබාදෙයි.


Dell සමාගම විසින් නිර්මාණය කරන XPS පරිගණක මාලාව ගැන ඔබ සමහරෙක් අසා ඇති. ඉහල පෙලේ පරිගණකයක් ලෙස සැලකෙන Dell XPS ලැප්ටොප් මාලාව වෙළඳපොලේ දැනට ඇති හොඳම Windows ලැප්ටොප් පරිගණකයක් ලෙසට ද සැලකෙනවා. පසුගිය සතියේ පැවති CES 2016 සමුළුවේ දී Dell සමාගම සිය XPS 13 ලැප්ටොප් පරිගණකයට නවතම වර්ණයක් හඳුන්වා දුන්නා. ඒ තමයි රත්තරන් පැහැය. (gold colour)

Dell සමාගමේ මේ ලැප්ටොප් පරිගණකය ඇලුමිනියම් නිමාවකින් යුක්තයි. මෙතෙක් වෙළඳපොළට පැමිණි සියලුම XPS ලැප්ටොප් පරිගණක රිදී පැහැයෙන් පැහැයෙන් යුක්ත වූ අතර මේ නව වර්ණය බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගැනීමට සමත්වනු ඇත. මේ වර්ණය දැනටමත් Apple සහ LG වැනි සමාගම් වලින් සිය ලැප්ටොප් පරිගණක වලට ලබා දී තිබෙනවා.

ලැප්ටොප් එකේ බාහිර පෙනුම පමණක් මෙලෙස වෙනස්වන අතර අනෙක් කොටස් වල පැහැය ඒ ආකාරයෙන්ම පවතින බවත් අපිට වැඩිදුරටත් දැනගන්නට ලැබෙනවා. Dell සමාගම පවසන අන්දමට ඔවුන් මේ වර්ණය ලබාදෙන්නේ ඔවුන්ගේ XPS 13 පරිගණකයේ වේගවත්ම උපාංග සහිත ලැප්ටොප් පරිගණකයට පමණයි. එහි Intel Core i7 ප්‍රොසෙසරයක් , 8GB RAM, 256GB දත්ත ගබඩාවක් සහ QHD+ තිරයක් ඇතුලත් වෙනවා. එහි මිල $1699 පමණක් වෙන බවයි දැනගන්න ලැබෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 245,000කට ආසන්න මුදලක්.

ඒ වගේම මේ නව පරිගණකයට Iris graphics ලබාදීමටත් සමාගම අදහස් කරනවා ලු. එමගින් පරිගණකයේ graphic දත්ත හැසිරවීමේ වේගය 40% කින් පමණ ඉහල යන බවයි දැනගන්න ලැබෙන්නේ.

මෙය පෙබරවාරි මස 2වන දා ඇමෙරිකාවේ දී එළිදැක්වීමට නියමිතයි.

උපුටාගැනීම

log in

reset password

Back to
log in