ඩිෆෙන්ඩර් රථ නිෂ්පාදනය කිරීම අවසන් කෙරේ.


අපි කාගේත් ආදරය දිනාසිටින බොහෝ දෙනෙක් ප්‍රියකරන ඩිෆෙන්ඩර් රථ නිෂ්පාදනය පසුගිය 29 වන සිකුරාදායින් අවසන් වුණා. ජගුවා ලෑන්ඩ් රෝවර් (Jaguar Land Rover) මුලස්ථානය තුල වසර 68ක කාලයක් පුරාවට ලෑන්ඩ් රෝවර් රථ ලක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් නිෂ්පාදනය වී තිබෙනවා. දීර්ග කාලයක් පුරාවට මේ නිසාම මේ රථය නිෂ්පාදනය කිරීම නිසා මේ රථ මාදිලිය නිෂ්පාදනය කිරීම අවසන් කිරීමට සමාගම තීරණය කල බව දැනගන්නට ලැබෙනවා.


The last ever Defender produced at Solihull.

ලෝකප්‍රකට ජේම්ස් බොන්ඩ් චිත්‍රපට ඇතුළු ලොව පුරා තවත් බොහෝ සේවාවන් සැපයීම සඳහා ඩිෆෙන්ඩර් රථ යොදාගැනුනි. ඒ වගේම එංගලන්තයේ මහරැජිනගේ ප්‍රියතම වාහනයක් ලෙසත් මේ රථය හැඳින්වෙනවා. ඩිෆෙන්ඩර් රථ වසර ගණනාවක් පුරාවට නිර්මාණය කෙරුනේ එහි මුල්ම වාහනය ලෙස සැලකෙන ‘HUE 166’ මාදිලියට සමාන හැඩහුරුකමිනි. මේ රථය මුල්ම වරට නිෂ්පාදනය කෙරුනේ 1948 වසරේදියි.

එතැන් පටන් ආරම්භ වුනු Defender ගමන ඉතාමත් සාර්ථක එකක් වුණා. ඔවුන්ගේ 2,000,000 වැනි ඩිෆෙන්ඩර් රථය නිෂ්පාදනය කෙරුනේ පසුගිය වසරේදී යි. මෙය special edition වාහනයක් වූ අතර එය පවුම් 400,000 ක මුදලකට වෙන්දේසි කෙරුනා.


2,000,000th Defender

ජගුවා ලෑන්ඩ් රෝවර් සමාගම ඩිෆෙන්ඩර් රථය වෙනුවට වෙනත් රථයක් මේ වසරේ මැද භාගයේදී හඳුන්වා දීමට නියමිත බවත් දැනගන්නට ලැබෙනවා.

Solihull කර්මාන්ත ශාලාවේ සේවය කරන සේවකයන් සමඟ සුළු උත්සවයක් පවත්වා ඔවුන් සිය ඩිෆෙන්ඩර් රථ නිෂ්පාදන ක්‍රියාවලියට සමු දුන්නා. මේ වාහන එංගලන්තය තුල තවදුරටත් නිෂ්පාදනය නොවුනත් වෙනත් රටවල ඇති කර්මාන්ත ශාලා තුල සුළු වශයෙන් හෝ මේ රථ නිෂ්පාදනය වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

මේ ගැන වැඩි දුර තොරතුරු ඉදිරියේදී දැනගන්නට ලැබෙයි.

අවසන් ඩිෆෙන්ඩර් රථය





උපුටාගැනීම

log in

reset password

Back to
log in