COMICON SriLanka 2015


පසුගිය සතියේ BMICH එකේ SLCG 2015 (Sri Lanka Cyber Games 2015) තරඟාවලිය පැවැත්වුණා. මේ අතරම එහි එක් අංගයක් ලෙස කාටුන් චරිත ලෙස හැඩගැන්වුණු තරුණ තරුණියන්ගෙන් ද මේ ස්ථානය විචිත්‍රවත් වුණා. 28 සිට 30 වෙනිදා දක්වා පවතී මේ උත්සවයේ දී ඔබ දැක ඇති නොයෙක් කාටුන් චරිත වලට පන පොවමින් ඔවුන් විවිධ ඇඳුම් වලින් සැරසී සිටින තරුණ තරුණියන් දැකගැනීමට ලැබුනා. මෙලෙස කාටුන් චරිත ලෙස සැරසී සිටි පිරිස එම ස්ථානයට රැස් වී සිටි ලොකු කුඩා කාගේත් සිත් දිනාගත්තා. අපි හොඳින් හඳුනන කාටුන් චරිත රැසක් ම මේ ස්ථානයේ දැකගන්න ලැබුණා. මෙවැනි උත්සවයක් ලංකාව තුල සංවිධානය කෙරුණේ ප්‍රථම වතාවටයි. මේ උත්සවය ලබන වසරේත් මීටත් වඩා විචිත්‍රවත් අන්දමට පැවැත්වේ යැයි අපි සිතනවා. මේ සඳහා මහන්සි වුනු සෑම දෙනාටමත් අපි සුබ පතන්න කැමතියි.

log in

reset password

Back to
log in