දේදුනු ගංගාව


අපි සාමාන්‍යයෙන් දැකලා තියෙන්නේ පැහැදිලි ජලය තියන නිල්වන් පාටින් එහෙමත් නැතිනම් ලා කොළ පැහැයෙන් දිස්වෙන ගංගාවල්. නමුත් කොලොම්බියාවෙන් අපිට දැනගන්න ලැබෙනවා අපූරු ගංගාවක් ගැන. මේ ගංගාව තමයි කැනෝ ක්‍රිස්ටාලේ කියන ගඟ. පිහිටා තියෙන්නේ කොලොම්බියාවේ Serrania de la Macarena පළාතේ. මේ ගඟට මිනිස්සු නම් කියන්නේ දේදුනු ගංගාව කියලා. එහෙම කියන්නේ මේ ගඟ අලංකාර වර්ණ 5කින් දිස්වන නිසා. ගඟේ එක් එක් ස්ථාන සොබාදහමේ අපුර්වත්වය ලොවටම කියාපාමින් නොයෙක් වර්ණ වලින් දිස්වෙනවා. මෙය සැබවින්ම අපූරු නිර්මාණයක්. කහ, රතු, කොළ සහ කළු ඒ වර්ණ 5 යි. මේ ප්‍රදේශය වැසි වනාන්තර වලින් ගහණ ප්‍රදේශයක්. මේ ගංගාව අයත්වන කලාපය අවට කුරුළු විශේෂ 420ක්, උභයජීවීන් වර්ග 10ක්, උරඟ විශේෂ 43ක්, සහ වානර විශේෂ වර්ග 8කුත් ජිවත් වෙනවා. ගඟේ විවිධ ප්‍රදේශ වල ජිවත් වන ශුද්‍රජිවින් වගේම ඇල්ගේ සහ පාසි විශේෂ ,ශාක විශේෂ වගේම විවිධ පාෂාණ වර්ග නිසාත් මේ වගේ අපූරු නිර්මාණයක් ඇති වී තිබෙනවා.සංචාරකයන්ගේ සිත් ඇද බැඳ තබාගැනීමට සමත් අපූරු ස්ථානයක් ලෙසත් මෙය හඳුන්වන්න පුළුවන්. මේ ගඟේ කැපී පෙනෙන වර්ණයක් ලෙස සැලකෙන්නේ රෝස පැහැයට හුරු රතු පැහැයයි. මේ වර්ණය ඇතිවීමට බලපාන්නේ මේ ප්‍රදේශයටම ආවේනික වූ Macarenia clavígera නම් ශාක විශේෂයි. මතක් කරන්න ඕන තවත් කාරණයක් තමයි මේ ගඟේ ජලය ඉතාමත් පිරිසිදුයි කියන එක. බලන්නකෝ මේ ගඟ කොතරම් චමත්කාරජනක ද කියලා.

උපුටාගැනීම

log in

reset password

Back to
log in