අයිස්ලන්තයේ තියන අපූරු ස්වාභාවික උණු දිය පිහිනුම් තටාකය


අයිස්ලන්තය කියන නම ඇහෙන කොටම අපෙ හිතට එන්නේ හිම වලින් වැහුණු සිතල වටපිටාවක් සහිත රූපයක්. අයිස්ලන්තය පිහිටලා තියෙන්නේ එක්සත් රාජධානිය සහ ග්‍රීන්ලන්තය අතර මුහුදු කලාපයේ. මේ රට ඉතාමත් අලංකාර ඒ වගේම අපුරු ස්වාභාවික නිර්මාණ වලින් පිරුණු රටක් කිව්වොත් නිවැරදියි. නමුත් ඒ රටේ පිහිටලා තියන Blue Lagoon කලපුව ගැන නම් වැඩි දෙනෙක් දන්නේ නෑ. එය සැබවින්ම මිහිපිට දිව්‍යලෝකයක් වගේ කිව්වොත් නිවැරදියි.

මෙය ස්වාභාවික පිහිනුම් තටාකයක් වගේ කිව්වොත් ඔබ එකඟ වෙනවා ද? ඒ වගේම මෙය ප්‍රසිද්ධ සම්බාහන නවාතැනක්. ලෝකයේ 25 වන පුදුමය විදියටත් පිළිගැනෙනවා ලු. 1976 වසරේ මේ ප්‍රදේශයේ භූ තාප බලාගාරයක් ඉදිකරලා තියනවා. ඒ ඇයි දන්නවා ද? මේ ප්‍රදේශයේ මීටර 200ක් පමණ පළල කිලෝමීටර 2ක් පමණ දිග විශාල උණුවතුර විලක් මතුවෙලා තියන නිසා ! පුදුමයි නේද ? ඒ වගේම මේ විලට විශේෂ රෝග සුවකිරීමේ ශක්තියක් තියනවා කියලත් පර්යේෂකයන් ගේ මතයක් තියනවා. මේ ජලයේ සංයුතියත් තරමක් වෙනස්. එහි ලවණ, සිලිකා සහ ඇල්ගේ අන්තර්ගතයි. මේ දීප්තිමත් නිල ඇතිවෙලා තියෙන්නේ ඒ සිලිකා නිසා ලු. පරිසරයේ ඇති වන කාලගුණික වෙනස්වීම් එක්ක මේ විලී පැහැයත් වෙනස් වෙනවා කියලා දැනගන්න ලැබෙනවා.

මේ මුහුණේ තවරන් ඉන්නේ තවත් මිලදිගත්තු ආලේපයක් නම් නෙමෙයි. විලේ පතුලේ සිලිකා නිසා තැන්පත් වෙන ස්වාභාවික අවක්ෂේපයක්.

මේ ස්ථානය නරඹන්න විදේශිකයන් බොහොම ආසයි ලු. ඔයාලත් කවදහරි අයිස්ලන්තයට යනවා නම් මේ විල බලන්න යන්න අමතක කරන්න එපා.

log in

reset password

Back to
log in