මහ මග මියැදෙමින් සිටි අහිංසක බලුපැටියකුට ජීවිතය ලැබුණු අපූරු සිදුවීමක්.


මේ ලෝකය ලස්සන වෙන්න මේ ලෝකයේ ජිවත් වෙන මිනිසුන්ගේ ක්‍රියා ගොඩක් වැදගත්. ඒ වගේ ලස්සන වැඩක් ගැන තමයි අපි කියන්න යන්නේ. මේ අපූරු පුවත අපිට වාර්තා වෙන්නේ ග්‍රීසියෙන්. ග්‍රීසියේ ජිවත් වන වේලියා ඔෆනිඩුඕ (Valia Orfaniduo) කියන්නේ ස්වේච්ඡාවෙන් සතුන්ට පිහිට වන සංගමයක සාමාජිකාවක්. ඇයට සති කිහිපයකට පෙර සාමාජ ජාල වෙබ් අඩවියක් ඔස්සේ ඉතාමත් කණගාටුදායක ඡායාරූපයක් දැකගන්න ලැබුණා. ඒ තමයි මහමග අතහැර දමාගොස් ඇති , නිරාහාරව ශරීරය දැඩි ලෙස වැහැරුණු මියයාමට ආසන්න සුනඛයෙකු ගේ ඡායාරූපයක්. මේ ඡායාරූපය ලබාගෙන තිබුනේ ග්‍රීසියේ මුහුදු වෙරලක් ආසන්න ප්‍රදේශයකදී යි.

මේ දුක්බර දසුන වේලියා ගේ නෙත ගැටුණා. ඇය තමන්ගේ තවත් මිතුරියන් කිහිප දෙනෙකු ද සමඟින් හැතැප්ම 40ක් පමණ දුර ගෙවාගෙන අදාළ ප්‍රදේශයට ගමන් කිරීමට තීරණය කලේ මේ සුනඛයා ගේ ජීවිතය කෙසේ හෝ බේරා ගැනීමටයි. වාසනාවක ට මෙන් ඔවුන්ට මේ සුනඛයා හමුවුණා. ඒ වන විටත් මේ සුනඛයා ගේ ශරීරය වැහැරී ගොස් තිබුණා. ඉතාමත් පහසුවෙන් ඇවිද යන මේ සුනඛයාට දරුණු සම් රෝගයක් ද වැළඳී තිබුණා. වේලියා සහ ඇගේ මිතුරියන් මේ සුනඛයාව නිරුපද්‍රිතව නැවත ඇතන්ස් නුවරට රැගෙන ආවේ වැඩිදුර ප්‍රතිකාර ලබා දීම සඳහායි. ඔවුන් මේ සුනඛයාට බිලි ලෙස නම් තැබුවා.

“මේ සතා එලියට ගන්නකොට අපිට ගොඩාක් දුක හිතුනා. බිලි ගොඩාක් වේදනාවෙන් වගේම බයෙන් හිටියේ. අපි හිතුවේ නෑ බිලි තවත් වැඩි කාලයක් ජිවත් වෙයි කියලා” වේලියා පවසා සිටියා. ” ඒත් මේ සතාව දැකපු පශු වෛද්‍යවරයා කියපු දෙයින් අපේ බලාපොරොත්තු වැඩි වුණා. ඔහු කිවේ ප්‍රතිකාර පටන් ගන්න කියලා ” වෙලියා වැඩි දුරටත් පවසා සිටියා.

” පළමු සති කිහිපය අපි හැමෝටම ඉතාමත් වැදගත් වුණා. මුලදී ඔහු කාමරයේ කෙළවරකට වෙලා ඔහේ වැටිලා හිටියා. හොඳින් විවේක ගත්තා. බිලිට තේරුම් ගියා බිලි ඉන්න තැන ආරක්ෂිතයි කියලා. ඊට පස්සේ ටික ටික බිලි කෑම කන්න පටන් ගත්තා. දවසට වේල් හතරක් වගේ කාලා හොඳට නිදාගත්තා. ”

සති දෙකකට පමණ පසු බිලී ගේ පැහැදිලි වෙනසක් දැකගන්න ලැබුනා. මේ තොරතුරු සියල්ලම විටින් විට වේලියා විසින් සමාජ ජාල වෙබ් අඩවි වෙත ලබාදෙන්නට වුණා. මේ තොරතුරු දැනගත්තු එක් ස්විට්සලන්ත කාන්තාවක් බිලී ව රැකබලා ගන්නත් ඉදිරිපත් වුණා.

බලන්න , මහමග මියයාමට සිටි මේ අහිංසක සුනඛයා ගේ ජීවිතය බේරුණු ඒ අපූරු කතාව. මේ ලෝකයේ තවමත් කාරුණික හදවත් ඇති මිනිසුන්ගෙන් අඩු නැති බවට මෙය කදිම නිදසුනක්.

උපුටාගැනීම

log in

reset password

Back to
log in