දෙපා සහිත ඇවිදින්න පුළුවන් මාලුවෙක් නවසීලන්තයෙන් හමුවෙයි.


මහසයුර අපිව කවදත් පුදුම කරවනවා. තාක්ෂණය කෙතරම් දියුණු වුනත් මේ මහා සාගරය පතුලේ සැඟවී ඇති අභිරහස් සම්පුර්ණයෙන්ම අනාවරණය කරගැනීමට තවමත් නොහැකි වී තිබෙනවා. ඒ වගේම මහසයුර තුල ජිවත් වන සතුන් සියල්ල ද තවමත් අනාවරණය කරගැනීමට විද්‍යාඥයන්ට නොහැකි වී තිබෙනවා. ඉතින් ඒ නිසාම දිනෙන් දින නව සත්ව විශේෂ සොයාගැනෙමින් පවතිනවා. මෙවැනිම අපූරු තොරතුරක් ගැන අපිට වාර්තාවෙන්නේ නවසීලන්තයෙන්.

ග්ලෙනිස් ඔහුගේ පවුලේ පිරිසත් සමඟ නිවාඩුවක් ගත කරන්නට ගියා. එහිදී ඔහු බෝට්ටුවක නැගී මාළු බාන්නට වුනා. මෙසේ මාළු බාමින් සිටින ඔහුට ඔහුගේ ඇමට පැටලී සිටින අමුතු සතෙක් දැකගන්න ලැබුණා. මේ සතාව හොඳින් අධ්‍යනය කල ඔහුට දැකගන්න ලැබුණේ මේ කළු පාට කකුල් සහිත මාළුවෙක් කියලයි. ඔහු වහාම කටයුතු කලේ මේ සතාගේ ජීවිතය බේරාගෙන මේ මාළුවා ව පර්යේෂනාගාරයකට ලබාදීමටයි. නමුත් මේ මාළුවා බෝට්ටුව තුලදී මියගියා.

කෙසේ නමුත් මේ මාළුවා ව අධ්‍යනය කල විද්‍යාඥයන් මේ ගැන අදහස් කිහිපයක් පලකලා. ඔවුන්ගේ මතය වූයේ මේ පාද වැනි යුගලය මාළුවාගේ යටි පැත්තේ පිහිටි වරල් යුගලයක් බවයි. මේ යුගලය මුහුදු පතුල මත ඇතිල්ලී යනවා. මේ මාළුවා Frog Fish වර්ගයේ මාළුවෙකු බවත් ඔවුන් පවසනවා.

මේ මාළු විශේෂය ඔවුන්ගේ බාහිර පරිසරයෙන් වසන් වී සිටීමේ ලක්ෂණයට ඉතා ප්‍රසිද්ධයි. ඒ වගේම මේ වර්ගයේ මාළුවන්ගේ පිටේ රේඛාවක් ද දක්නට ලැබෙනවා. මේ මාළුවා තනි කළු වීම විශේෂ ලෙස ඒ නිසා සැලකෙනවා.

මේ වගේ අමුතු එහෙම නැතිනම් වෙනස් ජීවින් ගැනත් ඉදිරියේ දී අපිට දැනගන්න ලැබෙයි. මේ මාළුවා ගැන තවත් තොරතුරු ඉදිරියේදී අනාවරණය වෙයි.

උපුටාගැනීම

log in

reset password

Back to
log in